Pages

Thursday, July 31, 2014

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයෝ මිනිස්‌ සංහාරයක යෙදෙති

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීහු ඉරාක සිරකරුවන් විශාල පිරිසක්‌ ට්‍රක්‌ රථවල පටවා කාන්තාරය වෙත ගෙන ගොස්‌ මරාදමා ඇත.

මරාදමනු ලැබූවන් අතර ළමුන්ද වේ. මෙය සමූලඝාතන ක්‍රියාවක්‌ යෑයි ඉරාක නිලධාරීහු පවසති. සදාම් හුසේන්ගේ නිජබිම වු ටිර්කිට්‌ නගරයේදී ද සිරකරුවන් 50 ක්‌ ඝාතනය කර ඇත. ඝාතනයට ලක්‌වූවන් ෂයිටි මුස්‌ලිම් ජාතිකයන් යෑයි හෙළි වී තිබේ.

http://www.divaina.com/2014/07/31/forign06.html

අන්තිම සටනට මුල් වූ මාවිල්ආරු සොරොව්ව නැරඹීමට අවස්ථාව

ප්‍රභාකරන් විසින් වසා දැමූ මාවිල්ආරු සොරොව්ව වන්දනාවේ යන බැතිමතුන්ට දැන් නැරඹීමට ඉඩ ලැබී ඇත.

ඓතිහාසික සෝමාවතිය පුදබිමේ සිට සේරුවාවිල චෛත්‍යය නැරඹීමට යන බැතිමතුනට දැන් මාවිල්ආරු සොරොව්වද නැරඹිය හැකිය.

සෝමාවති සේරුනුවර මාර්ගයේ කිලෝමීටර් පහක්‌ ඈතින් මාවිල්ආරු සොරොව්ව පිහිටා ඇත.

කොටි ත්‍රස්‌තවාදීන්ගේ පාරාදීසයක්‌ව පැවැති මෙම ප්‍රදේශයේ ජනතාව නිදහසේ දිවි ගෙවන අයුරු අපට දැකගත හැකිවිය.

මෙම මාවිල්ආරු සොරොව්ව වසාදමනු ලැබුවේ එලිලන් නමැති ත්‍රිකුණාමල කොටි හමුදා නායකයායි.

සෝමාවති පුදබිමේ සිට සැතපුම් 54 ගෙවා සේරුනුවරට යැම සඳහා මාර්ගයද දැන් ඉදිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය - මාවිල්ආරු සිට
http://www.divaina.com/2014/07/31/news11.html

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්! බුදුන් වැඩි එකම රට ලංකාවයි...

Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
මේ ඔහු ලියා තිබු දෙයයි.

දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
අපි පුංචි සෙල්ලමක් කරමු.
1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
---- තමිල්නාඩුව...
හොදයි
2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
-- එංගලන්තය--
හොදයි
3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
-- ඉන්දියාව --
හොදයි
4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
--- සවුදිය...
හොදයි
5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
---- ??????????????------
හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
_______________________________________________

යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි. 
_________________________________________________

අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
“අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
“මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
“මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
“මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා. 
එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
මුස්ලිමුන්ද..? ... නෑ..
දමිල ජාතිකයින්ද ?... නෑ...
යුරෝපියන්ද ? ... නෑ...
සිංහලයොද..? ... ඔව්..!!!
දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?

Source

Pic Source

Wednesday, July 30, 2014

ඉරාකයේ ඓතිහාසික ජොනාස් ශාස්තෘවරයාගේ දේවස්ථානය පුපුරුවයි

ඉරාකයේ මොසුල් නගරය ආසන්නයේ පිහිටි ලොව පුරා කිතුණු සහ මුසල්මානු බැතිමතුන්ගේ ගෞරවාදරයට ලක්වූ ඓතිහාසික ජොනාස් ශාස්තෘන්ගේ දේවස්ථානය ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් විසින් පුපුරුවා හැර ඇතැයි වාර්තා වේ.

මෙහි වීඩියෝ සහ ඡයාරූප අන්තර්ජාලය තුළ පළකර තිබේ.

ඇසින් දුටුවන් පවසන්නේ මෙම ඓතිහාසික සිද්ධස්ථානය පුපුරුවා හැරීම සඳහා බෝම්බ ඇටවීමට සටන්කාමීන්ට ගතවූයේ පැයක පමණ කාලවක් පමණක් බවයි.

කිතුණු බැතිමතුන් ජොනාස් ලෙසත් ඉස්ලාම් බැතිමතුන් යුනිස් ලෙසත් හඳුන්වන මෙම ශාස්තෘවරයා මාළුවෙකු හෝ තල්මසෙකු විසින් ගිල දැමූ බවට පැරණි තෙස්තමේන්තුවේ සඳහන් කථාව බෙහෙවින් ජනපි‍්‍රය වූවකි.

ඒ හා සමාන පුවතක් කුරානයේද දැක්වෙන අතර මෙම දේවස්ථානය ක‍්‍රි.පූ 8වන සියවසේ ඉදිකරන ලද්දක් බව පැවසේ.

ඉරාකයේ සුන්නි නිකායික කටයුතු භාර ආයතනය පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ටක්ෆිරි කැරලිකරුවන් විසින් ආගමික පුදබිම් ගණනාවක් වනසා ඇති බවයි.

යාහ්යා ඉබ්න් අල් කාසිම්, ඖන් අල් දින් සහ ශාස්තෘවර ඩැනියෙල් වැනි සිද්ධස්ථාන මෙලෙස විනාශ කර ඇති අතර ඉන් බරපතලම සිදුවීම මෙම යුනිස් දේවස්ථානය විනාශ කිරීම බව එම ආයතනය නිවේදනය කර තිබේ.

පසුගිය මාසයේදී උතුරු සහ බටහිර ඉරාකයේ ප‍්‍රදේශ ගණනාවක බලය තහවුරු කරගත් අයිසිස් සංවිධානය පසුව සිරියාවේ සහ ඉරාකයේ අල්ලාගත් ප‍්‍රදේශ තුළ ඉස්ලාමික් කාලිෆ් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කරනු ලැබිණි.

http://lankacnews.com/sinhala/foreign-news/119830/

මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාල

මධ්‍යසාර පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය තමන් මේ වන විට සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට සාදා නිමකර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි. 

සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ මනම්පිටිය, මහවැලි ප්‍රතිභා ශාලාවේ පෙරේදා (27 දා) පැවැති පොලොන්නරුව ආසන කාන්තා නියෝජිත සම්මේලනයට එක්‌ වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා කියා සිටියේ එම ජාතික ප්‍රතිපත්තිය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවයි.

රජයක්‌ විදිහට අපි බොහෝ දේ ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පිළිබඳව ගෙන යන ජාතික වැඩපිළිවෙළේදී ඔබ දන්නවා අපි ඓතිහාසික කාර්යයක්‌ ඉටු කළා කියලා. ඔබේ ඡන්දෙන් පත් වෙච්චි මන්ත්‍රීවරයෙක්‌, සේවකයෙක්‌ විදිහට මම සතුටු වෙනවා. මේ රටේ ඓතිහාසික කාර්යයක්‌ ඉෂ්ට කෙරුවා කියලා.

ලබන අවුරුද්දේ 2015 ජනවාරි මාසයේ ඉඳලා මේ රටේ එළියට එන හැම සිගරට්‌ පැකට්‌ටුවකටම සෞඛ්‍යමය අවවාදයක්‌ තියෙනවා පිළිකා රෝගියකුගේ. ඒක දැකලා සිගරට්‌ එකක්‌ බොන්න හිතෙන්නේ නෑ.

බොන අය ඒ සිගරට්‌ බීම අත හරිනවා. අපි එවැනි යහපත් දේවල් කළා. මධ්‍යසාර පිළිබඳව අරක්‌කු, බ්‍රැන්ඩි, විස්‌කි, කසිප්පු, මේවා පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක්‌ තිබුණේ නෑ. මම සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට මේ වන විට මධ්‍යසාර පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය හදලා ඉවරයි. 

සිගරට්‌ වලට කරපු දේ මම අරක්‌කුවලට ලබන අවුරුද්දේ කරනවා. ඒ දේ ලබන අවුරුද්දේ පටන් ගන්නවා කියන එක සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට කියන්න ඕනේ, ඉතා පැහැදිලිව.

සමාජයක්‌ විනාශ වන මත්ද්‍රව්‍ය ගෙදරක සමගිය විනාශ කරනවා. පවුල් සංස්‌ථාව කඩා කප්පල් කරනවා. පවුලේ අසමගිය ගොඩ නගනවා. දිළිඳුකම ඇති කරනවා. 

යම් ප්‍රමාණයකින් මට භාර දුන්නු වගකීම ඉටු කළා වගේම ජනාධිපතිතුමා භාර දුන්න වගකීම ඉදිරි කාලය තුළ මුළු මහත් සමාජය වෙනුවෙන් ඉෂ්ට කරනවා. 

මෙම අවස්‌ථාවට නියෝජ්‍ය ඇමැතිවරුන් වන රෝහණ දිසානායක, සිරිපාල ගම්ලත් යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් රැසක්‌ එක්‌වූහ.

අරලගංවිල - රොෂාන් තුෂාර සහ මනම්පිටිය වාර්තාකරු
http://www.divaina.com/2014/07/29/news16.html

සබැඳි ලිපි කිහිපයක් -
[
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.html
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.html
උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.html
සිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.html
මාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.html
රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.html
එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

උමා ඔය හරවන ඩයරබා උමග දිගේ

ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය, උඩවලව ජලාශ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි මහා පරිමාණ බහු කාර්ය ජලාශ යෝජනා ක්‍රම කිහිපයක්‌ම නිදහසෙන් පසු මෙරට ක්‍රියාවට නැඟිනි. ඒ මගින් ජල විදුලිය, කෘෂිකාර්මික කටයුතු සඳහා ජල පහසුකම් ලබාදීම මෙන්ම ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය ද අරමුණු විය. 

එහෙත් දැන් අප ගෙවා දමමින් සිටින්නේ මෙවන් ජල හා ජල විදුලිබල ව්‍යාපෘතිවල අවසන් කාලයයි. ඉහළ කොත්මලෙන් පසු ඉදිවන "බ්‍රොඩ්ලන්ඩ්" වැනි ජල විදුලිබල ව්‍යාපෘතිවලින් පසු මෙරටේ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ජල විදුලිබල ව්‍යාපෘති අවසන් වනු ඇතැයි කියෑවිණි. එනමුත්, ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය මූලික අරමුණු කරමින් තවත් වැදගත් ජල යෝජනා ව්‍යාපෘති කිහිපයක්‌ වර්තමාන රජයේ මහින්ද චින්තන වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නැඟේ. 

යාන් ඔය, දැදුරු ඔය, මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘති හැරුණු විට වර්තමානයේදී මෙවන් අරමුණකින් ක්‍රියාවට නැඟෙන යෝධ ව්‍යාපෘතියක්‌ වන්නේ "උමා ඔය" සංවර්ධන වැඩසටහනයි. 

මෙම සංවර්ධන කාර්යය " උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය" නමින් විවිධාංගීකරණයට ලක්‌ වූ අරමුණු කිහිපයක්‌ වෙනුවෙන් ක්‍රියාවට නැඟෙයි. 

උමා ඔය ව්‍යාපෘතියේ තෙවසරක ප්‍රගතිය

පෙර සඳහන් කළාක්‌ මෙන් මෙය ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය කෙරෙන ව්‍යාපෘතියක්‌ පමණක්‌ නොවේ. මධ්‍ය පරිමාණ ජලාශ තුනක්‌ද, ප්‍රධාන උමං හතරක්‌ සහිත උමං සංකීර්ණයකින්ද යුතු මෙම ව්‍යාපෘතියේදී පොළෝගර්භය තුළ ඉදිවන විදුලි බලාගාරයකින් විදුලිය මෙගාවොට්‌ 120 ක්‌ ද ජනනය කෙරේ.

අනතුරුව වැල්ලවායේ අලිකොට ආරට මුදා හැරෙන ජලය අලිකොට ආර, කුඩා ඔය, හා හඳපානාගල ජලාශ වෙත මුදාහැර කිරිඳිඔය ඔස්‌සේ ලුණුගම්වෙහෙර දක්‌වාද පැමිණේ. මේ අනුව බලන කල දැනටමත් ක්‍රියාවට නැඟෙන, ආරම්භ වී තෙවසරක ප්‍රගතියක්‌ පෙන්වන හා නිහඬව ක්‍රියාවට නැගෙන මෙම උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය මෑත කාලයේදී ක්‍රියාත්මක දැවැන්තම සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස හැඳින්වීම වරදක්‌ නොවේ.

වාරි මාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2011 වසරේ මැයි මාසයේදීය. ඊට අදාළ ගිවිසුම්ගතවීම 2008 වසරේ අප්‍රේල් මස 28 වැනිදා සිදු කෙරෙන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ඉරාන රජයේ මූල්‍ය ආධාර යටතේය. එසේම ව්‍යාපෘතියේ ඉහළ නිම්නයේ වැඩ එරටෙහි සමාගම්වල සහයෝගයෙන් කිරීමටත් මෙම ගිවිසුමෙන් එකඟතාවකට පැමිණේ. ඒ අනුව වැලිමඩ, ඌවපරණගම, හාලිඇල, ඇල්ල - වැල්ලවාය, තණමල්විල, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ඉහළ සහ පහළ නිම්න වශයෙන් කොටස්‌ දෙකකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉහළ නිම්නයේ ඉදිකිරීම් භාරව කටයුතු කරන්නේ µdරබ් (FARAඊ) නමැති ඉරාන ඉදිකිරීම් සමාගමයි.

ව්‍යාපෘති සැලැස්‌මට අනුව වැලිමඩට නුදුරු පුහුල්පොලදී, උමා ඔය හරස්‌කර තැනෙන පුහුල්පොල ජලාශය සඳහා වන වේල්ලත්, ඩයරබා හිදී මහතැටිල්ල ඔය හරස්‌කර ඩයරබා ලෙස ඉදිවන ජලාශයේ වේල්ල සහ පුහුල්පොල ජලාශයේ අතිරික්‌ත ජලය ඩයරබා වෙත ගෙන එන කිලෝ මීටර් 4.5 ක්‌ දිග උමගත්, සාදන්නේ මෙම ඉදිකිරීම් සමාගම මගිනි.

එසේම, ඩයරබා සිට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇල්ල - වැල්ලවාය පාරට උඩින් කුරුල්ලන්ගල කන්ද දක්‌වා කිලෝමීටර් 15 1/2 ක උමඟක්‌ තනා ජලය ගෙන එන්නේද, එතැන් පටන් (තනි) සිරස්‌ව මීටර් 760 ක්‌ පොළෝගැබ සිදුරු කර, ඇල්ල වැල්ලවාය පාරට යටින් කිලෝමීටර් දෙකක පමණ දුරක්‌ මග ගෙවාගෙන පොළෝගැබ තුළට ගියවිට හමුවන ස්‌ථානයකට එක්‌වන උමගය තුළ නිර්මාණය වන විදුලි බලාගාරය නිර්මාණය කරන්නේද අදාළ ඉරාන සමාගම් මගිනි.

තවද, විදුලි බලාගාරයෙන් මෙගාවොට්‌ 60 බැගින් වූ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර මුදාහැරෙන ජලය තවත් උමගකින් කිලෝ මීටර් තුනක්‌ මග ගෙවා ඇල්ල වැල්ලවාය පාරට යටින් ගොස්‌ අලිකොට ආරට මුදාහැරෙන ටේල්රේස්‌ (ඕසකර්ජැ) උමගයද නිර්මාණය කරනු ලබන්නේ ඉරාන ඉදිකිරීම් ලෙසය.

මෙම සමස්‌ත ව්‍යාපෘතිය ආරම්භ වී දැන් වසර තුනක්‌ ගත වී අවසානය. ඉදිකිරීම් කටයුතුවලින් සියයට 30 ක්‌ පමණ නිමා වී තිබේ. උමං හතරක කටයුතු සිදු වෙමින් පවතී. ඩයරබා ජලාශ වේල්ල ඉදිවෙමින් පවතී. උමං ජල විදුලි බලාගාරය දක්‌වා ප්‍රවේශ මාර්ගය කැණ අවසන් අතර බලාගාර පරිශ්‍රයේ මූලික කැණීම් කටයුතු සිදු වෙමින් පවතී. එබැවින් තෙවසරක ප්‍රගතිය වැදගත් තැනක ඇත. මෙම තෙවසරක ප්‍රගතිය මැන බැලීමේ විශේෂ නිරීක්‍ෂණයක්‌ සඳහා පසුගියදා අපි වැලිමඩ, බණ්‌ඩාරවෙල, ඇල්ල වැල්ලවාය ව්‍යාපෘති ප්‍රදේශවල සංචාරයක නිරත වීමු. මේ එහිදී අප දුටු කාරණය.

නුවරඑළිය නගරය පසුකර අප මීළඟට වැලිමඩ නගරයට සේන්දු වූ අතර පළමුව ගියේ පුහුල්පොල හා ඩයරබා ජලාශවලින් අවතැන් වූ ජනතාවගේ කටයුතු සොයා බලනු පිණිසය. ඒවායේ කටයුතු සිදු වෙතත් පවතින හොඳ හා නරක ගැන කතා කිරීමට වෙනමම ලිපියක්‌ ඒ සඳහා වෙන් කළ යුතුව ඇත. එබැවින් මෙම ලිපියෙන් සංවර්ධන කටයුතුවල ප්‍රගතිය මැන බැලීමට පළමුව අපි යොමු වීමු.

පුහුල්පොල පසුකර ඩයරබා ජලාශ වැඩබිමට ගිය අපි එම ජලාශ වේල්ලේ බිම් මට්‌ටමේ කොන්ක්‍රීට්‌ ආස්‌තරණ කටයුතු නිරීක්‍ෂණයෙන් අනතුරුව, එතැන් සිට පුහුල්පොල දක්‌වා කණිනු ලබන උමගයේ සංචාරයකට පෙරවරුවේ එක්‌වීමු. ඉරාන සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කැණීම් ඒකාබද්ධ වැඩසටහනක්‌ වශයෙන් හඳුනාගත් මෙම වැඩ බිමේදී ශ්‍රී ලංකා රජයේ අධීක්‍ෂණයෙන් ඉරාන "µdරබ්" (FARAඊ) සමාගමේ කැණීම් කටයුතු අප නිරීක්‍ෂණ කළෙමු. එම සමාගමේ නිලධාරීන්ගේ සංග්‍රහශීලී පිළිගැනීමෙන් අනතුරුව දැනටමත් මීටර් 800 ක්‌ පමණ සාම්ප්‍රදායික ලෙස මිනිස්‌ ශ්‍රමයෙන් එහෙත්, යන්ත්‍ර සූත්‍රද භාවිතයෙන් කණිනු ලබන උමගේ කටයුතු විමසා බැලුවෙමු. කිලෝ මීටර් 4.5 ක්‌ වන මෙහි දැනටමත් කිලෝ මීටරයකට ආසන්න දුරක්‌ කැණ අවසන් කර තිබේ.

මෙම උමං විවරයට මුහුණලා ජලාශයේ එපිට ඉවුරෙන් තවත් උමගක්‌ ආරම්භ වේ. ඒ වැල්ලවාය දක්‌වා දිවෙන කිලෝ මීටර් 15 1/2 ක උමගයයි. ඩයරබා සිට තවමත් කැණීම් කටයුතු ආරම්භ කර නැති මෙම උමගේ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්, එනම්, වැල්ලවායේ කුරුල්ලන්ගලින් ඩයරබා දෙසට උමං හෑරීමේ කටයුතු දැනටමත් ආරම්භව විශාල ප්‍රගතියක්‌ අත්කරගෙන ඇත. එනම්, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමස්‌ත උමගයන් යෝධ කැණීම් යන්ත්‍රයක්‌ ආධාරයෙන් හාරනු ලබන්නේ මේ උමගයේ නිසා බැවිනි. ජර්මනියේ නිෂ්පාදිත, ඉංග්‍රීසි ඕඩය හරහා පවා උමං තැනීමට භාවිත කරන ලද මෙම කැණීම් යන්ත්‍රය ටී. බී. එම්. (ඔමබබ්ක ඊදරසබට පැජයසබැ) ලෙස හැඳින්වේ. මෙවන් යන්ත්‍ර දෙකක්‌ උමා ඔය ව්‍යාපෘතියේ දැන් ක්‍රියාවට නැඟෙන අතර, "ටේල්රේස්‌" හා "කුරැල්ලන්ගල" යන ස්‌ථානවල සේවයට යොදවා ඇත.

සටහන සහ ඡායාරූප, ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/07/22/feature03.html

කුරුල්ලන්ගල සිදුරු කරන විශ්වකර්ම යෝධයා දකින්නට ගිය ගමන 

ඩයරබා ජලාශ උමගය නිරීක්‍ෂණයෙන් පසු මීළඟට අප තීරණය කළේ වැල්ලවාය කුරුල්ලන්ගල ගම්මාන ප්‍රදේශයේ ඉහළ කඳුබෑවුමේ සිට ඩයරබා දෙසට හාරනු ලබන ටී. බී. එම්. වැඩබිම නිරීක්‍ෂණය කිරීමටය. මේ සඳහා අප සමඟ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ද එක්‌ව සිටියහ. දහවල් ආහාරයෙන් පසු අප වැඩි කල් නොඇර කුරුල්ලන්ගල වැඩබිමට සේන්දු වූයෙමු. එහිදීද ඉරාන ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් විසින් අප සුහදශීලීව පිළිගනු ලැබිණි. 


ඒ ගිය අපට ඩයරබා උමගය මෙන් නොව කුරුල්ලන්ගල උමග විවරය අවට ඉඩකඩ සහිත දැවැන්ත වැඩබිමක්‌ සේ සංවර්ධනය කර ඇති බව දැකගන්නට ලැබිණ. මුළු ප්‍රදේශයක්‌ පුරා අඩසඳ ආකාර කොන්ක්‍රීට්‌ ඵලක අතුරා ගොඩගසා තිබෙනු දකින්නට ලැබුණු අතර ඒවා නිෂ්පාදනය සඳහා වූ කර්මාන්ත ශාලාවක්‌ද ඒ ආසන්නයේ විය. කාර්යාල සංකීර්ණයට අමතරව උමං විවරයේ සිට මීටර් 150 - 200 ක්‌ පමණ වට ප්‍රදේශය දුම්රිය අංගනයක සිරි ගත්තේය. උමං කට තුළට දුම්රිය මාර්ග දෙකක්‌ ගමන් ගන්න, පරිදි මාර්ගය සකසා තිබුණත් උමං කට ආශ්‍රිත ප්‍රදේශයේ දුම්රිය මං සන්ධියක්‌ මෙන් දැකගන්නට ලැබුණේ නිරන්තරයෙන් උමඟය තුළ හා සම්බන්ධවන දුම්රිය හසුරුවනු පිණිසය. ඉතා කුඩා ප්‍රමාණයේ දුම්රිය ඇන්ජිමකින් හා මගී ප්‍රවාහන පෙට්‌ටි තුන හතරකින්ද, භාණ්‌ඩ ප්‍රවාහනය සඳහා සැකසුණු විවෘත පෙට්‌ටිවලින් සමන්විත මෙම කුඩා දුම්රිය තුනක්‌ පමණ එකවර උමගයේ කටයුතුවලට සම්බන්ධව ප්‍රවාහනයේ යෙදෙන අතර උමගය හාරනු ලබන ටී. බී. එම්. නමැති උමං හාරනු ලබන විශේෂ එමෙන්ම යෝධ යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ මෙසේ දුම්රියක්‌ සේ පීලි මත ගමන් කරමිනි. මීටර් හයක්‌ පමණ උසද පළලද ඇති මෙම උමගයේ වක්‍රාකාර ප්‍රදේශයක්‌ එකවර සිදුරුකරමින් මෙම යන්ත්‍ර රාජයා කඳු ශිඛරය විදගෙන ඩයරබා දෙසට කිලෝමීටර 15 1/2 ක්‌ ගමන් ගන්නා අතර එහිදී කැබිලිවලට පත්වන පාෂාණ කොටස්‌ රැගෙන එනු ලබන්නේ මෙම දුම්රිය පෙට්‌ටි මගිනි. එසේම යන්ත්‍රයේ සේවයේ යෙදී සිටින කම්කරුවන් ප්‍රවාහනය ඊට අවශ්‍ය ඉන්ධන, ජලය කොන්ක්‍රීට්‌ සිලින්ඩර ආදිය නිරතුරුව රැගෙන ඔබ මොබ දුවන්නේ මෙම දුම්රිය මගිනි.

ඌව - වෙල්ලස්‌සේ කුරුල්ලන්ගල කඳුවැටිය එදා පාළු හුදකලාවේ වැතිර දිගාමඬුල්ල දෙස නෙත් යොමා බලා සිටියේ 1818 දී ඉංග්‍රීසීන්ට එරෙහිව යුද වැදී කැරලි කෝලහාල සිදු කළ ලක්‌ දෙරණේ රණශූරයන්ගේ එඩිබව මෙන්ම, එහිදී ජීවිතදානය දුන් දහස්‌ සංඛ්‍යාත දේශයේ සුජාත දූ පුතුන් පිළිබඳ කඳුළු සඟවාගෙනය. වෙහෙර විහාර මෙන්ම, වැව් අමුණු බිඳ දමා එදා සුද්දා වෙල්ලස්‌ස වැනසූ හැටිත්, යළිත් කවරදාකවත් වෙල්ලස්‌සේ පිබිදීමක්‌ ඇති නොවන බවත් ඇය කඳුලු සැලුවා විය හැකිය. එහෙත් වත්මන් රජයේ පිබිදෙන වෙල්ලස්‌සට සමගාමීව ඇරඹුණු උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපාරය නොහොත් උමා උය බහුකාර්ය සංවර්ධන යෝජනාක්‍රමය මේ දුක්‌ඛ දොaමනස්‌සයන්ට සෙතක්‌ ශාන්තියක්‌ වනු ඇතැයි පෙනෙන්නට තිබේ. උමා ඔය දකුණට හරවා වෙල්ලස්‌සේ දියවර වැඩිකර කුඹුරු අස්‌වද්දවා ලබන ජලමූලික ආර්ථික ක්‍රමයෙන් ගොවිතැන බත මෙන්ම, පරිසරයද සුවපත්වී සතා සිව්පාවාට මෙන්ම දෙපා සතාටද අස්‌වැසිල්ලක්‌ වන දිනය ඈතක නොවේ. මේ සඳහා උමා ඔය ව්‍යාපෘතිය ලහි ලහියේ ඉදිවෙමින් පවතී. දැනටමත් වසර තුනක්‌ ගෙවී අවසාන මෙම සංවර්ධන ව්‍යාපෘතියේ ටී. බී. එම්. මැෂින් දෙකකින්ම උමං දෙකක්‌ සිදුරු කිරීම සිදුකෙරේ.

මේ වන විට උමඟ හෑරීමේ ජර්මනියේ නිෂ්පාදිත මෙම විශේෂිත යන්ත්‍ර උමඟ තුළට ඇතුළුකර ගල විදීම සිදුකරගෙන යයි. විෂ්කම්භය මීටර් හතරක්‌ පමණ වන, උමඟ හෑරීම සඳහාම යොදාගනු ලබන මෙවන් යන්ත්‍ර ලංකාවේ මෙසේ යොදා ගනු ලබන්නේ ප්‍රථම වරටය. "ටේලර් රේස්‌" සහ කුරුල්ලන්ගල කන්දේ දෙතැනක විදීම් සිදුකරන මේ අපූරු යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නැරඹීමට යාමට දැන් කටයුතු සියල්ලම සුදානම්ය.

ව්‍යාපෘතියේ නිලධාරීන් සමග මෙම චාරිකාව සම්බන්ධීකරණය කරනු ලැබු මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රවීණ මාධ්‍යවේදී ඩේවිඩ් අතුකෝරළ මහතාත්, ව්‍යාපෘතියේ කළමනාකාර සහකාර සුගීෂ් එම්. ජී. ලියනගේ මහතාත් ප්‍රමුඛකරගත් අප කණ්‌ඩායම පළමුව සිදුකරන ලද්දේ වැඩබිමේ නීති - රීතිවලට අවනත වෙමින් ආරක්‍ෂක හිස්‌වැසුම් පාවහන් සේම කබා යනාදියෙන් සැරසීමය. මොහොතකින් මෙසේ ආරක්‍ෂක ඇඳුම් ඇඟ ලා ගත් අප මීළඟ දුම්රියෙන් කුරුල්ලන්ගල තුළට යාමට එහි "දුම්රිය ස්‌ථානයට" රොක්‌වීමු. මඳ වේලාවකින් උමඟයට ගෙනයන ආම්පන්නද සහිත ඩක්‌කුවලින් සමන්විත කුඩා දුම්රියක්‌ එහි නැවතුනේ අප සමඟ උමඟය තුළට යන ඉරාන ජාතික ආරක්‍ෂක නිලධාරියාගේ විධානය පරිදිය. කුඩා මගී පෙට්‌ටි කිහිපයක්‌ සහිත මෙම දුම්රිය මැදිරිවලට අප ලහි ලහියේ නැග අකුලා තිබූ කුඩා සීට්‌ දිගහැර කැමරා ආම්පන්න අටවා ගත්තේ මේ සොඳුරු අත්දැකීම විද්යුත් ඇසින් දැක සනිටුහන් කරගැනීමේද අවශ්‍යතාවෙනි.

කුරුල්ලන්ගල සිදුරු කරන ප්‍රධාන උමං විවරයෙන් උමං දෙකක්‌ ආරම්භ වේ. දකුණු පස උමඟ තරමක්‌ දකුණට වක්‍රාකාරව ගොස්‌ එහි වෙනම වැඩබිමක්‌ සේ ක්‍රියාකරයි. ඩයරබා සිට උමඟ ඔස්‌සේ පැමිණෙන ජලය සිරස්‌ උමඟයකින් මීටර් 760 ක්‌ පහළට යෑවෙන්නේ මෙම වැඩ බිමෙනි. මෙහි සිට යන්ත්‍රානුසාරයෙන් කණිනු ලබන සිරස්‌ උමඟය පිහිටියේ එහිය.

වම්පසින් පිහිටන්නේ කුරුල්ලන්ගල සිට ඩයරබා දක්‌වා දිවෙන යෝධ උමඟයයි. කිලෝමීටර් 15 1/2 ක්‌ හෑරෙන මේ උමඟයේ දැනට හාරා ඇති කිලෝමීටර් දෙකක පමණ දුර යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය දකින්නටයි අප මේ යමින් සිටින්නේ. අප ගමන් ගන්නා රේල් පාරට අමතරව තවත් රේල් පාරක්‌ එහි වම්පසින් දිවේ. වෙනත් උමඟ මෙන් නොව (ඩයරබා) මෙම උමඟයේ බිත්ති ඉතා මට සිළුටුය. යන්ත්‍රයකින් කපා, ඇතැයි බැලු බැල්මට කිව හැකිය. මීටර් 15 - 20 ක්‌ පමණ දුරින් දුරට විදුලි බල්බ සවිකර ඇත. ආලෝකය මැදින් අපගේ දුම්රිය ඉදිරියට ඇදෙයි. ආරක්‍ෂාව සලසා ඇති බැවින් දුම්රියේ අවම තරමින් (වා) සුළං සිදුරක්‌වත් නැත. දොර වසා දැමූ පසු එහි කුඩා පෙට්‌ටිවල ගමන් කිරීම අපහසු වන්නේ ඉහින් කණින් දහදිය බේරෙන නිසාය. එහෙත්, ආරක්‍ෂාව පළමුවට තබා තරමක්‌ දුෂ්කර එහෙත් අත්දැකීම් බහුල උමඟේ තුළ දුම්රිය ගමනට සමවැදි අප ගමන් කළෙමු.

මඳ වේලාවකින් දුම්රිය නැවතුණේ ඈත තියාම අප දුටු රක්‌ත වර්ණ සංඥවන්ට අවනත වෙමිනි. ඉන්පසු ආරක්‍ෂක නිලධාරියාගේ විධානය පරිදි අප දුම්රියෙන් බැස උමඟය තුළ රේල්පාරට බැස ගමන් කර මඳ දුරකදී මීළඟ දුම්රිය මාර්ගයේ වූ දුම්රිය වේදිකාවකට ගොඩවැදුනෙමු. එහි ඉරාන ජාතික කම්කරුවෝ වැඩ කටයුතුවල නියුක්‌තව සිටියේය. ඔවුන් පසුකර, දුම්රිය වේදිකාවේ විටින් විට පටු හා පළල් ස්‌ථානවලින් ගමන් කරමින් හා යන්ත්‍ර සූත්‍ර අතර ගෑවී නොගෑවී කැමරා ආම්පන්නද රැගෙන තවත් මීටර් 50 ක්‌ පමණම අප ගමන් ගන්නේ තේරුම් ගත නොහැකි යන්ත්‍රයක කඨෝර හඬ මධ්‍යයේය. අවසන තවත් කම්කරුවන් පිරිස්‌ රැඳී සිටි මෙහෙයුම් මැදිරියක්‌ පසුකර ගිය විට අපට දකින්නට ලැබුණේ අප පැමිණි දුම්රිය මාර්ගයේ ඉදිරියෙන් තිබූ දුම්රිය ඩක්‌කුමතට කඩා හැලෙන ජලය මිශ්‍රිත කුඩා කළුගල් සමූහයකි. ඒ කුරුල්ලන්ගල සිදුරුකරන යන්ත්‍රයේ මුහුණතින් ඇද ගන්නා පාෂාණ කැබලිය. නොහොත් ගල සිදුරු වීමේදී කැඩෙන සුන් බුන්, පටියක්‌ (බෙල්ට්‌) මතින් පැමිණ ඩක්‌කු පුරවාලන බවය. මෙම ඉසව්වද පසුකර යන්ත්‍රයේ ඉදිරියටම එනම් යා හැකි උපරිම ස්‌ථානයට ගොස්‌ ඡායාරූප ගැනීමට ඉරාන ජාතික මැෂින් ක්‍රියාකරවන්නෝ අපට ඉඩකඩ ලබා දුන්හ. මේ අවස්‌ථාව හොඳින් ප්‍රයෝජනයට ගත් අප යන්ත්‍රය මතින් මෙන්ම පැතිකඩින්ද එහි ළඟා වී කුරුල්ලන්ගල සිදුරු කරන මේ අපූරු එහෙත්, විශ්මිත යන්ත්‍ර රාජයා දැක එහි ඡායාරූප ලබා ගනිමු. පාෂාණ සිදුරුවන අයුරු හෝ පාෂාණ කැබලි ඇදගන්නා ඒ යන්ත්‍ර මුහුණත නොපෙනුනත් ගොරහැඩි හඬක්‌ නගමින්, දූවිලි වලාවක්‌ නගමින් ගල සිදුරුකරන ඒ විශ්මිත ක්‍රියාකාරිත්වය එහි සිට අප හරි අපූරුවට දැකගත්තෙමු. එය අපට මහත් ආශ්වාදයක්‌ මෙන්ම නැවුම් අත්දැකීමක්‌ද විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට යන්ත්‍රයක්‌ මගින් උමඟක්‌ කපන මේ විශ්මිත සිද්ධිය දකින්නට දැන් අපි මෙහි පැමිණ සිටියෙමු. යන්ත්‍රයේ නියමුවන්ගෙන් වැඩිදුර තොරතුරු දැනගත් අපි ඊළඟ කනිසමේදී වැඩ වැරූ කම්කරුවන්ද එකතු කරගෙන පැමිණි දුම්රියෙන්ම කුරුල්ලන්ගල විවෘත වැඩබිමට ආවේ උමග කැණීමේ තාක්‍ෂණය මොනතරම් දියුණුවකට පත්ව ඇත්තේද යන්න හිත තුළ රුවාගෙනය. එදින අප කුරුල්ලන්ගලින් බැස ඇල්ල - වැල්ලවාය පාරේ වැල්ලවායට නුදුරු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති වැඩබිමට සේන්දු වූයේ එහි නැවතී පසුදින තවත් කටයුතු ආරම්භ කරනු පිණිසය.

සටහන - ඡායාරූප, ජගත් කණහරආරච්චි
(විශේෂ ස්‌තුතිය, උමා ඔය ව්‍යාපෘතියේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ඩේවිඩ් අතුකෝරළ මහතාට)
http://www.divaina.com/2014/07/29/feature03.html

කුරුල්ලන්ගලින් මීටර් 760 ක්‌ පොළෝගැබේ තැනෙන ජල විදුලි බලාගාරය දකින්නට ගිය ගමන ලබන සතියේ

Monday, July 28, 2014

තානාපති වරප්‍රසාද ත්‍රස්ත ක්‍රියා සඳහා යොදවලා. ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය හරහා ත්‍රස්ත ක්‍රියාකාරකම්. අපේ ඔත්තු සේවා නිදි. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අඟවයි!

ඉන්දියාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ත්‍රස්තවාදි ක්‍රියාකාරම් වලට සම්බන්ධ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. 

පාකීර් හුසෙන් නැමති මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

කෙසේ වෙතත් මොහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මොහුව මෙහෙයවිම් සිදුකරන බවයි. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් ශ්‍රී ලංකාවට අදාළ සිද්ධිය පිළිබඳ දැනුම් දි තිබේ. 

මෙම නිලධාරියා පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙකු බවටත්, ඔහු ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ පුද්ගලයෙකු බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

මොහුගේ උපදෙස් මත පාකීර් හුසේන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි අමෙරිකානු එක්සත් ජනපද කන්සියුලර් කාර්යාලය සහ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ඊශ්‍රායලයේ කන්සියුලර් කාර්යාලයේ තොරතුරු රැස් කරගෙන ඇති අතර අදාළ කන්සියුලර් කාර්යාල වල ඡායාරූප ද ලබාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි. 

මෙම පකිස්ථාන තානාපති කාර්යාලයීය සේවකයා සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් තොරතුරු හුවමාරු කරගැනීමට කටයුතු කරන බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2010දි අත්සන් තැබු අන්‍යේන්‍ය නීතිමය සහයෝගිතා ගිවිසුම අනුව එලෙස ක්‍රියා කරන බවත් ඉන්දීය පුවත් වැඩිදුරටත් කියා සිටියි.

http://sinhala.adaderana.lk/news.php?nid=44950

Pic Source

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයෝ සිරියානු හමුදා සෙබළුන්ගේ බෙලි කපා ප්‍රදර්ශනයට තබති

අයි .එස්‌. අයි. එස්‌. ත්‍රස්‌ත සාමාජිකයන් එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු හමුදා භටයන් 85 දෙනෙක්‌ මියගොස්‌ ඇත.

මෙම ගැටුම් ඇතිව තිබෙන්නේ රඛා ප්‍රාන්තයේදීය.

මෙම ප්‍රහාරවලින් තවත් සෙබළුන් 200 ක්‌ අතුරුදන්වී ඇත.

බෙලිකපා මරා දැමූ සිරියානු සෙබළුන්ගේ සිරුර රඛා නගරයේ ප්‍රදර්ශනය කර ඇත.

http://www.divaina.com/2014/07/28/forign03.html

Pic Source

තලෙබාන් සාමාජිකයෝ හසාරා ගෝත්‍රිකයන් 15 දෙනකු මරා දමයි

ඇෆ්ගනිස්‌ථානයේ ගොර් ප්‍රාන්තයේ ගමන් කරමින් තිබූ බස්‌ රථයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනකු මරණයට පත්වී ඇත.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තලෙබාන් සාමාජිකයන් විසිනි.

හසාරා ගෝත්‍රික පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මීට පෙරත් හසාරා ගෝත්‍රිකයන් තලෙබාන් ප්‍රහාරවලට ලක්‌විණි.

2014 පළමු මාස හය තුළ ඇෆ්ගනිස්‌තානයේ සිදුවූ ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් පන්දහසක්‌ මියගොස්‌ ඇත.

http://www.divaina.com/2014/07/28/forign02.html

Pic Source

මුසලු අන්තවාදීන් නිස සැමතැන ගැටුම්! මෙවර ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ සහර්හාපුර් ප්‍රදේශයේ හින්දු මුස්‌ලිම් ගැටුමක්‌ ඇවිලී ඇත.

මෙම ගැටුම් නිසා පුද්ගලයන් තිදෙනකු මියගොස්‌ තවත් 70 දෙනෙක්‌ තුවාල ලබා ඇත. 

මෙම නගරයේ මුස්‌ලිම් කඩ කිහිපයක්‌ම හින්දුන් විසින් ගිනි තබා ඇත. ඉඩමක ආරවුලක්‌ මෙම ගැටුමට හේතු වී ඇත. මෙම ඉඩමේ අයිතිය තමන් සතුව ඇතැයි මුස්‌ලිම්වරු මෙන්ම සික්‌වරුද ප්‍රකාශ කර ඇත. ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති අතර කලබලකාරීන්ට දුටු තැන වෙඩි තබන්නැයි අණ දී තිබේ.

http://www.divaina.com/2014/07/28/forign01.html

ලාබෙට බෙහෙත් හදනවට විරුද්ධ වන ඖෂධ ජාවාරම්මු

ශ්‍රී ලංකාව විදෙස්‌ රටවල මහාපරිමාණ ආයෝජකයන්ගේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පරිවර්තනය වී ඇති සමයක තමන්ගේ නිජබිම වෙනුවෙන් අතිශය දැවැන්ත ආයෝජනයක්‌ කර ඒ ආයෝජනයේ ඵල නෙළා ගැනීමට ඇති ඉඩ හසර බලහත්කාරයෙන්ම වළක්‌වාලනු ලැබීමේ අභාග්‍යයට මුහුණ දී හිඳින සැබෑ ශ්‍රී ලාංකිකයකුගේ අඬහැරයකි මේ...

ඔහු නමින් ජානක ප්‍රනාන්දුය. කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඔහු විදෙස්‌ අධ්‍යාපනය ද ලබා සැලකිය යුතු කාලයක්‌ විදෙස්‌ රටක සේවය ද කර තිබේ. තවදුරටත් එහිම සේවය කරමින් මුදල් ඉපයීමට හැකියාව තිබියදීත් ජානක යළි මෙරටට එන්නේ නිකම්ම නොවේ. අතිශය දැවැන්ත ආයෝජනයක සිහිනය සිත්හි රඳවාගෙන ය. ඒ ආයෝජනය එක්‌ ආකාරයකින් ශ්‍රී ලාංකිකයකුගේ සිතක පැළපදියම් වීම ම භාග්‍යයකි. තවත් අතකින් විස්‌මය දනවන්නකි. සිය අත්දැකීම්වලින් ලද පන්නරය මතින් ජානක පියමනින්නේ පහසුවෙන් ධනය ඉපයීමේ ක්‍රියාමාර්ගයකට නොව දැඩි වගකීම් සහිත ජීවිත සම්බන්ධ අතිශය තීරණාත්මක කාර්යභාරයකටය. එනම් ලොව යුද්ධෝපකරණ නිෂ්පාදනයට පමණක්‌ දෙවැනි වන එමෙන්ම ලොව විශාල ම ජාවාරමක්‌ බවට පත්ව ඇති ඖෂධ නිෂ්පාදනයට ය. ඒ සඳහා කළ යුතු දැවැන්ත ආයෝජනය සම්බන්ධයෙන් ඔහු නිවැරදි අවබෝධයකින් ද පසුවිය. සිය සිහිනය සැබෑවක්‌ බවට පත් කර ගැනීම අරමුණු කර ගනිමින් කටුනායක පිහිටි භූමි භාගයක ජානක සිය ඖෂධ නිෂ්පාදන කම්හලේ ඉදිකිරීම් ආරම්භ කරන්නේ මීට දෙවසරකට පමණ පෙර ය. ISOLEZ BIOTECH PHARMA AG නම් මෙම කර්මාන්ත ශාලාව ශ්‍රී ලාංකිකයකුට තනි අයිතිය හිමි විශාලතම ආයෝජනයක්‌ බවට පත්වන්නේ එහි වියදමේ ප්‍රමාණය රුපියල් කෝටි හතළිහ ඉක්‌මවමිනි. එය සම්පූර්ණයෙන්ම ජර්මන් හා ස්‌විට්‌සර්ලන්ත තාක්‍ෂණය මත ඉදිවීම ආයෝජනයේ ප්‍රමාණය ඉහළ යාම කෙරෙහි බලපා තිබිණි. ආනන්දයේ අකුරු කරමින් ලොව දැවැන්ත ආයෝජකයෙකු වශයෙන් ජානක ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හිමිකරු ලෙස කිරුළ දරන්නේ රටට මෙන්ම ජනතාවටද සුවිශාල සේවයක්‌ ඉටු කිරීමේ අභිලාශය සමගිනි. එහෙත් සිය සිහිනය සැබෑ කර ගැනීම සිතූ තරම් පහසු නොවන වග ඔහුට පසක්‌ වන්නේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කරන මාෆියාවේ සිරකරුවකු බවට පත් වීමත් සමගය.

අන්තර්ජාතික ප්‍රමිතියට නිමකර ඇති කර්මාන්ත ශාලාව ඉදිකිරීම අධීක්‍ෂණය කර ඇත්තේ ස්‌විට්‌සර්ලන්ත ඉංජිනේරුවන් හා උපදේශකයන් වන අතර නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, සැපයුම් උපකරණ , ඖෂධ තත්ත්ව පරීක්‍ෂණ උපකරණ ජර්මනියේ හෝ ස්‌විට්‌සර්ලන්තයේ නිෂ්පාදනයන් ය. 

මූලික අමුද්‍රව්‍යයන් ලෙසින් ශාක සහ සත්ව පටකවලින් ආරම්භ කර සියලුම වර්ගයේ පිළිකා නාශක, එන්නත් නිෂ්පාදන සහ ජෛව තාක්‍ෂණය මගින් සියලුම එන්නත් නිෂ්පාදන හැකියාව මෙම කර්මාන්ත ශාලාව සතු වන අතර එවැනි තාක්‍ෂණික හැකියාව ඇති වෙනත් කම්හලක්‌ දකුණු ආසියාවේ නැත. ශ්‍රී ලංකාවටම අවශ්‍ය සේලයින් ප්‍රමාණය නිෂ්පාදනය සඳහා කම්හලට ගතවන්නේ සති දෙකක්‌ පමණක්‌ බව හිමිකරු පවසයි. එහෙත් ආසියාවේ කුඩා කම්හල්වලට බලපෑමක්‌ එල්ල වන හෙයින් එවැනි නිෂ්පාදනයකට නොයන බවද ඔහු ප්‍රකාශ කරයි. සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනය නොව මහාපරිමාණයෙන් එන්නත් නිෂ්පාදනය ඉලක්‌කය වූ හෙයින් ඒ සඳහා ජානක ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය පතයි.

ඖෂධ පාලන අධිකාරිය 2013 අගෝස්‌තු 06 දින මෙම කම්හලට ජී.එම්.පී. (GOODS MANUFACTURING PRACTICE) විමර්ශනයක්‌ සිදු කළ අතර මාස 3 ක්‌ තිස්‌සේ එහි වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද කළේය. එම වාර්තාව කඩිනමින් ලබා ගැනීමට අයිතිකරු මාස 3 ක්‌ තිස්‌සේ සතියට කීපවරක්‌ ඖෂධ පාලන අධිකාරියට යාමට සිදු වී තිබේ. එසේ ඇවිටිලි කර ලබා ගන්නා ලද වාර්තාවෙන් කර්මාන්ත ශාලාව එන්නත් නිෂ්පාදනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව තාක්‍ෂණිකව ඔප්පු කර නැත. ඊට අමතරව එහි කාර්ය මණ්‌ඩලය ද ඇතුළත්ව විමර්ශන තුනක්‌ සිදු කර ඇතත් ඊට අදාළ කිසිදු වාර්තාවක්‌ හිමිකරුට ලබා දී නැත. එවකට ඖෂධ පාලන අධිකාරියේ අධ්‍යéවරයා වූයේ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා ය. විමර්ශනය සිදුකරන අවස්‌ථාවේ කම්හලේ උපදේශක ස්‌විට්‌සර්ලන්ත ජාතික වෛද්‍ය සිල්වියා ටර්නර් මහත්මිය සිටි නමුත් එහි නිෂ්පාදන ක්‍රියාවලිය හෝ නිෂ්පාදන සැලසුම් සම්බන්ධයෙන් ඇයගෙන් කිසිදු විමසීමක්‌ කර නැතැයි හිමිකරු ප්‍රකාශ කරයි. එමෙන්ම සභාපතිවරයාගේ ඉල්ලීම පරිදි කම්හලේ PRODUCTION
CHEMISTS ස්‌විට්‌සර්ලන්ත ජාතික මාර්කස්‌ ටැනර් මහතා ද විමර්ශන කණ්‌ඩායමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සූදානමින් සිටිය ද ඔහුගෙන් ද කිසිදු විමසීමක්‌ නොකිරීම ගැටලුවකි. 

වෛද්‍ය සැපයීම් අංශය 2013 වසරේ රුපියල් මිලියන 45ක්‌ වැය කරමින් ප්‍රංශයෙන් ජීව රසායන කට්‌ටල තොගයක්‌ ආනයනය කරන ලද අතර ඒවා තත්ත්වයෙන් බාල නිසා ඉවත දැමීමට සිදු විය. එම ජීව රසායන කට්‌ටල එම මිලෙන් තුනන් එකක්‌ පමණක්‌ වැය කරමින් දින තුනක්‌ ඇතුළත නිෂ්පාදනය කිsරීමට මෙම කම්හලට හැකි වී ඇත. මෙතෙක්‌ ඖෂධ සංස්‌ථාවට සහ වෛද්‍ය සැපයීම් අංශයට නිෂ්පාදනය කර සපයන ලද එන්නත් නොවන ජෛව රසායන ද්‍රව්‍ය තත්ත්වයෙන් යුරෝපීය ප්‍රමිතියේ වූ අතර නිෂ්පාදන මිල ද අවම විය.

මෙම කර්මාන්ත ශාලාවට එන්නත් ඇතුළු වෙනත් බටහිර ඖෂධ නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඖෂධ පාලන අධිකාරියට දැඩි බලපෑම් එල්ල වූයේ මෙම තත්ත්වය මතය. ඒ අනුව පසුගිය මැයි මස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම තාක්‍ෂණික කමිටුවට ඖෂධ පාලන අධිකාරිය අවසන් නිර්දේශය සඳහා ඉදිරිපත් කරන ලද නමුත් මේ දක්‌වා එය සැලකිල්ලට ගෙන නැත . 2013 වසරේ අගෝස්‌තු මස 06 වැනිදා සහ 2014 පෙබරවාරි මස 06 වැනිදා කරන ලද විමර්ශනයන්ට අදාළව ඖෂධ අධිකාරිය නිකුත් නර ඇති විමර්ශන වාර්තා ක්‍රමවත් නැත. ඒවා ලිපි ශීර්ෂවලින් තොරය. අත්සන් කර ඇති කිසිවකුගේ නිල මුද්‍ර නැත. එමෙන්ම එම වාර්තා නිකුත් කළ හෝ අත්සන් කළ හෝ දිනයක්‌ නැත. එතරම් වගකීමකින් තොරව ඖෂධ අධිකාරිය කටයුතු කර ඇත්තේ ඇයි ද යන්න ප්‍රශ්න කළ යුතුය.

ඖෂධ අධිකාරිය විදේශීය ඖෂධ ආනයනය කරන්නේ එම කම්හල් නිරීක්‍ෂණය කිරීමකින් තොරවය. ලිපි ලේඛන මමත පමණක්‌ යෑපෙමින් එම කම්හල් ලංකාවේ ලියාපදිංචි කරයි. ඖෂධ අධිකාරියට කිලෝ මීටර් 25 ක්‌ දුරින් පිහිටි මෙම දේශීය කර්මාන්තශාලාවට ගොස්‌ විමර්ශනය කිරීමේ හැකියාව තිබියදීත් ඕනෑම නිෂ්පාදනයක තත්ත්වය පරීක්‍ෂා කිරීමේ හැකියාව තිබියදීත් එන්නත් නිෂ්පාදනය සඳහා අවසර නොදීම එක්‌ අතකින් පුදුමයට කරුණකි. 

හිමිකරුගේ අදහස නම් විමර්ශනයට සුදුසුකම් ඇති පුද්ගලයන් නොයොදවා කිසිදු හේතුවකින් තොරව නිෂ්පාදනයට අනුමැතිය දීම වුවමනාවෙන්ම නොසළකා හරින බව ය.

රට ගැන සිතා සිය සම්පූර්ණ ධනයම වැය කරමින් අංගසම්පූර්ණව අති නවීන තාක්‍ෂණයෙන් ද යුතුව ඉදි කරන ලද කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ ප්‍රයත්නය කෙරෙහි නිලධාරීන් කෙතරම් උනන්දුවක්‌ හා අනුගත වීමක්‌ දක්‌වන්නේ ද යත් පසුගිය පෙබරවාරි මස සිට පසුගිය සතිය දක්‌වා ඖෂධ පාලන අධිකාරිය හෝ ජී. එම්. පී. විමර්ශන කණ්‌ඩායම හෝ හමුවීමට නිල වශයෙන් අවස්‌ථාවක්‌ ලබා නොදුන්නේ ය. මෙම අසාධාරණය සම්බන්ධයෙන් දිවයින ඉරිදා සංග්‍රහය මගින් අනාවරණය කිරීමෙන් අනතුරුව ඖෂධ අධිකාරියේ වර්තමාන සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ජානක ප්‍රනාන්දු මහතා කැඳවා කරුණු විමසීම ද පවතින තත්ත්වය හමුවේ අගය කළ යුතුය.

අන්තර්ජාතික ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීම යනු සුළුවෙන් තැකිය හැකි දෙයක්‌ නොවේ. ජානක ප්‍රනාන්දු මහතා ඒ වගකීම ඉටු කර තිබේ. මේ උතුම් ශ්‍රී ලාංකිකයාගේ ඒ අත්‍යදාර කර්තව්‍යය සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි අවධානයට මේ මොහොතේ හෝ යොමු විය යුතු ය. එසේ නොවන්නේ නම් සිය කර්මාන්ත ශාලාව විදේශ රටකට ගෙන යාමට හිමිකරු සූදානම් වෙයි. ඖෂධ ආනයනයේ දී ලැබෙන රුපියල් බිලියන ගණනින් වන කොමිස්‌ හමුවේ ශ්‍රී ලාංකිකයකුගේ සිහිනය සුණුවිසුණු කිරීම අපරාධයකි.

ඒ සිහිනය යථාර්ථයක්‌ වීම යනු අහිංසක දිළිඳු ජනයාට සහනයක්‌ වන්නා සේ ම ඖෂධ ආනයනය වෙනුවෙන් විදේශයන්ට යෑවෙන රුපියල් බිලියන ගණන් ද ඉතිරි වීමකි.

නිලන්ත මදුරාවල 
http://www.divaina.com/2014/07/27/feature20.html

සබැඳි ලිපි -
[
ශ්‍රී ලංකාවේ එකම බටහිර ඖෂධ කම්හලත් අහිමි වීමේ අවදානමක්!http://denethharinna.blogspot.com/2014/07/blog-post_4974.html
]

කොළඹට එන්න... දියමත සාප්පු සවාරියක්‌ යන්න

උමතු විශ්වාසය චිත්‍රපටයට, එඩී ජයමාන්න විසින් "කොලොම්පුරේ ශ්‍රියා.... කොලොම්පුරේ ශ්‍රියා" ගීතය ගායනා කරන කාලයේ, කොළඹ නගරය ලෝකයේම සැලසුම් සහගත නගරවලින් එකක්‌ බවට පත්වී තිබිණි.

පිටකොටුව ද මේ අනේ
කඩ සාප්පු බොහො තිබේ
පාර මැද්දේ පීලි උඩින්
ට්‍රෑම් කාර් යනවානේ......

ආදී ලෙසින් එඩී ජයමාන්න වර්ණනා කරන්නේ කොළඹ අලංකාරය ය. පසු කාලයේදී "කොලොම්පුරේ ශ්‍රියා" යන වාක්‍ය ඛණ්‌ඩය භාවිත වූයේ, කොළඹ තිබූ අපිළිවෙළට අපිරිසිදුකමට සරදම් කරන්නටය.

පිටකොටුවේ කුණු ගොඩවල්වල පිංතූර පත්තරවල ලොකුවට පළ වූයේ, "කොළොම්පුරේ ශ්‍රියා"යන හෙඩින් යටතේය.

ඒ කොළොම්පුරේ ශ්‍රියා... යන්න සරදමට නොව ඇත්තටම කිව හැකි කාලයක්‌ එනු ඇතැයි නොසිතුණද, දැන් යළිත් එවන් කාලයක්‌ පැමිණ තිබේ. පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනයේ යෙදෙන කවුරුත්. 'ආණ්‌ඩුව කරපු නියම වැඩක්‌...' ලෙස ප්‍රශංසාවට භාජනය කරන කොළඹ අලංකරණ ව්‍යාපෘතිය අයත් වන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වය මතය.

"ගෝඨාභය මහත්තයා අත තිබ්බොත් වැඩේ හරි යෑයි සාමාන්‍ය ජනයා කියන්නට පෙළැඹී ඇත්තේ, ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය සේම, කොළඹ හැදීමේ යුද්ධය ද ආරක්‍ෂක ලේකම්වරයා "තිතට" ක්‍රියාවේ යොදවන නිසාය. ඒ අතරින් අප අද කතා කරන්නේ, කොළඹ ලෙස බොහෝ දෙනා හඳුන්වන පිටකොටුවේ දියත් කරන ලද අලංකරණ මාදිලියක්‌ පිළිබඳවය. කොටුව, පිටකොටුව ප්‍රධාන දුම්රියපළ හා බැස්‌ටියන් මාවත කේන්ද්‍ර කර ගනිමින් දියත් වූ මෙම වැඩපිළිවෙළ, එහි යන එන ජනයා දැනටමත් පුදුමයට පත් කර තිබේ. බැස්‌ටියන්ස්‌ මාවතේ බස්‌ නැවතුම්පළ අසලින් එදා ගිය මගීන් එහි විනාඩි කිහිපයක්‌ හෝ ගෙව්වේ නාසය හකුළුවාගෙන ආයාසයෙන්ය. එක්‌ පැත්තකින් කුණු ගඳ හා මුත්‍රා ගඳය. අනෙක්‌ පැත්තෙන් ඇස, ගත වෙහෙස කරන දුහුවිලි සහිත ගෙන්දගම් පරිසරයය. ඒ සියල්ල පැත්තකට කර දමා මැජික්‌ සෙල්ලමක්‌ සේa පිටකොටුවේ බැස්‌ටියන් මාවත අයිනේ, මනරම් වැව් තෙරක්‌ අසල අලංකාර කඩ සාප්පු සංකීර්ණයක්‌ ඉදිවී තිබේ.

එදා කළු වී, දූවිලි පිරී තිබූ පෙට්‌ටි කඩ පේළියේ අප්‍රසන්න දර්ශනය වෙනුවට, තිරයක්‌ හැරියා සේ අද එළි දැක ඇත්තේ, අලංකාරවත් උද්‍යානයක්‌ බඳු තලාවකි. ඒ මනස්‌කාන්ත බව "වෙනස්‌ වන කොළඹ" නගර සැලැස්‌ම අනුව ක්‍රියාවට නංවමින් තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්ය. මෙහි කඩ සාප්පු අනූ දෙකකින් සමන්විත වේ. භූමිය බිමට ඇල්ලූ මනරම් ගල්, අරලිය ගස්‌ යාය, මනා ලෙස ගෘහ නිර්මාණශීලීත්වයෙන් හැඩ කර තිබේ. "මෙතැන වැවක්‌ තිබුණාද..." බොහෝ දෙනා අසන්නේ ඒ තරම්ම නරක ලෙස කොළඹ නගරය පෙර කාලයේදී කාබාසිනියා කර තිබුණු ආකාරය ගැන උදාහරණ සපයමිනි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී මේ බිමට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණෙන විට එය ජරාජීර්ණ ගොහොරුවකි. අද තිබෙන තත්ත්වයට එය ගෙන ඒම සඳහා ආරක්‍ෂක ලේකම්වරයාගේ නායකත්වයෙන් අලුත් බළකායක්‌ මෙහෙයුම ආරම්භ කළේය. නාගරික සංවර්ධන අධිකාරිය යන්න බෝඩ් ලෑල්ලක්‌ වී තිබූ යුගය නිමාකර මින් දැන් වැඩ පටන්ගෙන තිබේ. එහි සභාපති නිමල් සිල්වා, අධ්‍යක්‍ෂ ජනරාල් නිහාල් ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දරගේ, ක්‍ෂේත්‍ර නායකත්වය යටතේ බැස්‌ටියන් මාවත ප්‍රදේශය අද "යන්නට ආස හිතෙන පැත්තක්‌" බවට පත්ව තිබේ. කඩ කාමර අනූ දෙකට අමතරව පාවෙන වෙළෙඳසල් යායක්‌ ද මෙම නිර්මාණයට අඩංගුය. මෙහි වාස්‌තු නිර්මාණ අදහස හා සැලසුම එහි නිර්මාණ අංශය හාර වරලත් වාස්‌තු විද්‍යාඥ තුෂාරි කාරියවසම් මහත්මියගේය. ඇය විසින් තම හිතේ මැවුණු සැලසුම, දූවිලි, කුණු ආදියෙන් වනගත කර අපායක්‌ සේ දිස්‌වුණු බිම් තීරයක්‌, සොඳුරු පුරවරයක්‌ බවට පත් කර තිබේ.

"පිටකොටුවේ ගියොත් කෑම කන්න එපා" යන ජන කියමන ඇතිවී තිබෙන්නේ, එතරම් අපිරිසිදු ආහාරපාන වෙළෙඳාමක්‌ මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නිසාය ඒ වෙනුවට බැස්‌ටියන් මාවතේ නව ඉදිකිරීම් යටතේ පාවෙන භෝජනාගාරයක සිට මිහිරි ආහාර වේලක රසවිඳින්නට තව ටික දිනකින් ජනතාවට අවස්‌ථාව ලැබෙනු ඇත. දේශීය නිෂ්පාදන අලෙවිසල් සඳහා මෙහි වැඩිපුර ඉඩක්‌ ලබාදී ඇති අතර, පාවෙන වෙළෙඳපොළවල් තිබෙන වියට්‌නාමය, තායිලන්තය සේම නැවුම් පලතුරු, කිරි පැණි ආදිය ද මෙම වෙළඳසල්වලදී ජනතාවට මිලදී ගත හැකිවනු ඇත.

වැටවල් ගසා, ගේට්‌ටු දමා කරදරකාරී වෙළෙඳ සංකීර්ණයක්‌ වෙනුවට නිදහස්‌ එළිමහනේ වාඩි වී සිට, සිරි විඳමින් තමන්ගේ විඩාව නිවා ගැනීම සඳහා උද්‍යානයක්‌ ද මෙම සංකීර්ණයේ ඉදිකර ඇති අතර එම ඉදිකිරීම්වල බර දරන්නේ වීරෝදාර හමුදාවන්ය. "හමුදාවට නිග්‍රහ කරමින් වැඩ ගන්නවා" යන අයගේ කටවල් පැසෙන සේ, අද ජනතාව මෙම ඉදිකිරීම්වලට ප්‍රශංසා කරන්නේ, "රටත් බේරාගෙන කොළඹත් හදලා දෙනවා" යන කෘතඥතා පූර්වක වචනයයි.

එදා පිටකොටුවට එනවා කිවූ ගමන් ඇඟට දැනුණ රශ්මිය, වෙහෙස, දූවිල්ල වෙනුවට අද බැස්‌ටියන් මාවත දුටු අයකුට කියෑවෙන්නේ "ආයෙත් පිටකොටුවට ගිහිල්ලා එමුද" කියාය. වෙනස ඒ තරම් ය.

ඔසිත අත්තනායක
http://www.divaina.com/2014/07/27/feature23.html

මාතලේ කැරැල්ලේ පළමු ගිනි පුපුර දැල්වුණු වාරියපොළ කෝපිවත්ත

වාරියපොල' කී විට මේ සිහළ රටේ වාරියපොල ග්‍රාමයන් හෝ නාගරික පෙදෙස්‌ නම් කොපමණ ඇතිද? කුරුණෑගල - වාරියපොල, ඌවේ- වාරියපොල, මාතලේ - වාරියපොල ඉන් කිහිපයකි. අදට වසර 166 කට පෙර හෙළ දිවට සෙනහස දැක්‌වූ දෑ හිතකාමි පිරිස්‌ එක්‌ව ජීවත්වීමේ අරගලය උදෙසා කැරලි ගසන්නට අරඇද්දේ මාතලේ වාරියපොල දී ය. එය අද අප සිහිකළ යුත්තේ ඊට මුහුණදුන් සැබෑ මිනිසුන්ගේ නාමයෙනි. සුද්දන්ට හැකි තරම් ගැතිකම් කළද හෙළයා එදා එක්‌ ජාලයක්‌ ලෙස තනි වචනයට කටයුතු කළ බවක්‌ පසක්‌ වන්නේ අවි ආයුධ සූදානමක්‌ නොමැතිව තම අතලු දොර පොල්ල වුවද ගෙන පෙරට පැන තම ජාතිය රැක ගැනීමට වෙහෙසීමෙනි. බොහෝ විද්වතුන් 1848 කැරැල්ල දකින්නේ තකතීරුකමක්‌ හැටියටය. ඊට හේතු ලෙස ඔවුන් දක්‌වන්නේ එදා ලෝකයේ බලගතුම රාජ්‍යයක්‌ වන ඉංග්‍රීසින් මෙලක පාලනය කරන සමයේ පෙර සූදානමකින් තොරව හෙළයා පෙරට ඇදි සටනක්‌ ඇරඹිම නුසුදුසු බවයි. 

සිංහලේ සටන් අප දකින්නේ කැරැල්ලක්‌ ලෙසය. 1815 උඩරට කැරැල්ල, 1848 මාතලේ කැරැල්ල ආදි වශයෙන් ප්‍රකට එබැවිනි. සියලු කැරැල්ලන්හි මූලික අරමුණ වූයේ සිංහලයේ අයිතිය රැකගැනීමයි. ඉංග්‍රීසින්ට යටත් වුවද මිනිසාගේ ජීවත්වීමේ අයිතිය රැක ගැනිමයි. 

මීට වසර 166 කට පෙර හෙලයින් බොහෝ සන්තාප සිත් ඇතිව ජීවත් වූයේ යෑයි කියන මාතලේ වාරියපොල සොයා අප ගියේ ඉකුත් දිනෙකය. 1847, 1848 කාලවල උඩරට කඳුකරයේ බොහෝ පෙදෙස්‌ සශ්‍රීක කෝපි වගාවෙන් නිල්ල ගසා තිබූ බව අසා තිබුණි. සිංහලයාගෙන් කොල්ලකා ගත් මේ භූමියේ වැවිලි රාජ්‍යය තුළ යුරෝපීය වැවිලිකරුවෝ මහා රජවරුන් සේ වැජඹුනහ. ඊට උදවු සැපයූයේ ඉංග්‍රීසින්ය. 

මේ අතීත ආවර්ජනය නිතර දෙවේලේ මනසට ඉදිකටු තුඩින් ඇන ඇන අවදිකරුවන්නේ එහි ගොස්‌ අද තරම දැකගැන්මයි. දෑස මානයේ සැබෑවක්‌ කොට ගනිමින්, එහි ගියෙමි. මාතලේ කොහොඹිලිවෙලින් වාරියපොල දෙසට හැරෙන තැනම ඇත්තේ එදා සුද්දා සිටවූ තැපැල් පෙට්‌ටියයි. එය වරින්වර අලුත් පැහැ ගැන්වෙමින් අතීතයේ සිහි ගන්වන යකඩ කණුවෙහි රැදෙමින් තිබේ. අසලම විශාල නුග ගසෙකි. වසර 166 කට පෙර මෙහි පැද්දි පැද්දි හාත්පස වියරු කෙරෑවේ මළ මිනිස්‌ සිරුරය. 

'මේ ගහ ගැන දන්නවාද? 

අසල හුන් මැදිවියේ අයකුගෙන් විමසන විට 'නෑ ඇයි' කිය.

අරුමයකි. මේ සා ඉතිහාසයක තතු සඟවා සිටින අතුපතර විහිදුවා පෙදෙසම අඩ අඳුරේ රඳවමින් අද්භූත ලෙසින් වැජඹි සිටින නුගය නොදන්නෙක්‌ මේ පෙදෙසේ විසීමත් අරුමයක්‌ය.

ගසත් තැපැල් කණුවත් පසු කොට මාතලේ දෙසට පා තැබිය යුත්තේ අඩි කිහිපයකි. 'වීර පුරන් අප්පු ස්‌මාරකය'... පාර අද්දර කණුවෙන් එපිට වැට මායිමේ කලුගල් කැබැල්ලක්‌ සේ පොලොව මත දරා සිටි. 

පුරන්අප්පු යළි අවදිව මෙහි පැමිණියද එය ඔහුට හෝ සොයා ගත නොහැකිය. අතීත සැමරුම එපරිදිය. එහි අගය පොතට පතට අපට පමණක්‌ විය හැකිය. සාමාන්‍ය ජනයා පුරන් අප්පු සිහි කරමින් ස්‌මාරක තනමින් හිඳ වේලක්‌ පිරිමසා ගන්නද? එහෙයින් සාමාන්‍ය ජනතාව සමග අතීතය ගනුදෙනු නොකොට වාරියපොල දෙසට ගියෙමි. 

1815 සහ 1818 කාලවකවානුව තුළ කන්ද උඩරට සිදුවූයේ ඉතිහාසයේ ගලක කෙටු මතකයන් ඉතිරි කරන සිද්ධීන් ය. 1819 වන විට කන්ද උඩරට විසූ ප්‍රභූ පවුල්වල හෝ ජන නායකත්වය දැරූවන් අතරින් කිසිවෙකුත් ජිවතුන් අතර නොවීය. ඒ බැව් ලෝරිගේ Gazette of the Central Province of Ceylon කෘතියෙන් මොනවට පැහැදිලි වෙයි. 

1848 ජුලි 28 වෙනිදා මාතලේ පෙදෙසම මූසල පාළුවකින් වෙලි ගියේය. වාරියපොල කෝපිවත්තේ පොලොව සිංහලයන්ගේ මළ සිරුරුවලින් ගලාගිය ලෙයින් තෙත්වී ගියේය. ඒ අතීත වත යළි යළිත් මා කම්පනය කරමින් ඇත්තේය. මාතලේ බස්‌ පාරෙන් අතුරු පාරට වැටී දුම්රිය මාර්ගය හරහා කන්දට පිවිසෙත්ම ඇඟ කිලිපොලා ගියේය. මේ වැලිකැට ගාණේ ශේෂව ඇත්තේ අතීත විරුවන්ගේ පණනලය. ඔවුන්ගේ හුස්‌මෙන්ද වාතලයට මුසුවන කළ ඇට මස්‌ ලේ නහර මේ බිම්කඩ වසා දිනෙන් දින පොළෝ තලයට උරාගන්නට ඇත. අද මා මේ පා තබා යන්නේ ඒ බිමෙහිය. 

1872, 1882, 1892 කාලවල වාරියපොල තත්වය ලොරි ඔහුගේ තෙවැනි කෘතියෙන් දක්‌වා තිබුණි. 'මාතලේ නගරයෙන් වරකාමුර පාර හි සැතැප්මක්‌ පමණ ගිය කළ වැටි ඇත්තේ වාරියපොල කෝපිවත්තේ මායිමය.' ඔහු ලියා තිබුණි. 

මාතලේ දකුණු කොටසේ මැදසියපත්තුව ග්‍රාමයේ පිහිටි වාරියපොල වසම් දෙකකින් සමන්විතව තිබි ඇත්තේ 1871 දිය. ඒ තිබ්බටුමුල්ල සහ දුඹුකොළ ලෙසයි. 1848 ගණන්වල වාරියපොල කෝපිවත්තේ සිදු වූ ඝාතන ගිනි තැබීම ඇතුළු අනෙක්‌විධ ව්‍යසන හේතුවෙන් දශක කහිපයක්‌ පුරාම ජනයා සිය ජනාවාස ඇති කරගැනීමට උනන්දුවක්‌ දක්‌වා නැති බැව් පතපොතින් කියවා දැනගත හැකිය. 1881 වන විට වාරියපොල ජනගහනය 208 දෙනෙකි. අක්‌කර පනස්‌ හතරක භූමියක්‌ සඳහා ජලය ලබා ගෙන ඇත්තේ පෝරු කොට අමුණෙනි. 

පට්‌ටවෙල, වෙල්ලාල, හන්නයෝ, බජන්දුරයෝ මුවාමන් සහ දෙමළ යන ජන කොට එකල වාරියපොල ජිවත්ව ඇත. 

මෙය 1848 ගණන්වල ඊට හාත්පසින් වෙනස්‌ ස්‌වරූපයක්‌ ගෙන තිබුණි. 
ආසියාවේ තිබු සරුසාර බවින් පිරිපුන් කෝපිවත්ත පිහිටියේ වාරියපොලය. එය මාතලේ සිට වත්තේගම දක්‌වා හෙක්‌ටයාර් 4000 ත් 6000 ත් අතර, වපසරියක පැතිරි තිබිණි. හෙට්‌ටිහේවාගේ හීරලගේ, හම්පටගේ මුහන්දිරම්, වාරියපොල උන්නාන්සේ මෙම පෙදෙසේ ජීවත් වූ අතරම කෝපිවතුවල සේවයේ යෙදුනේ සිංහලයින්ය. 

සුද්දා කෝපි වත්ත මධ්‍යයේ වූ බංගලාවේ සිට වත්ත පාලනය කරමින් ලාභය රැජිනට සපයමින් යෙහෙන් වැජඹිණි. 

අද ඒ බැව් සනාථ වන සලකුණක්‌ හෝ දක්‌නට නැත. සිංහල ජවය එකාවන්ව තෙරපෙමින් 1948 කෝපිවත්තට තැබූ ගින්න මේ වසර 166 පුරාම දැවෙමින් අළුවෙමින් පැවත ආ සෙයකි. අද මේ බිමෙහි ඇත්තේ, නව ඉදිකිරිම්ය. රබර් වතුය. මිශ්‍ර වගාය. මිනිස්‌ ජනාවසය. 

කෝපි වත්තක්‌ තිබූ බවක්‌ දන්නෝද නැති තරම්ය. සිටියේ තිදෙනෙකි. එක්‌ අයෙක්‌ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන විඡේකෝන් මහතාය. පන්සලේ හාමුදුරුවෝය. සරත් මහතාය. 

ඒ ඉතිහාසය පිළිබඳව දරුණු වේදනාවකින් පිපාසයකින් සේම සැබෑම අභිමානයෙන් වෙසෙන අතලොස්‌ස අතරින්ද සැබෑ මිනිසුන්ය. 1833 සිට පාලනය බදු අය කිරිම් හා අධීකරණ කටයුතු ද එකම නීති සම්ප්‍රදායක්‌ තුළට යොමුකිරීමෙන් ප්‍රශ්නය ඔඩු දිව්වේය. වීරපුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්‌ඩා, වීදිපැලැල්ලේ බණ්‌ඩා ආදින් කුපිත වූයේ මහජනයා බදු බරින් පිඩිත වූ නිසාය. ඉන් මිදිමට ඔවුහු නොකළ දෙයක්‌ නැත. උඩරට සිංහල ගැමියෝ තම ගැමි නායකයින් සමඟ ගොස්‌ මධ්‍යම පළාත කරවන දිසාපති බුලර් හමුවූහ. මුහුදු බඩ හා පහතරට පළාත්වල වැසියෝද තම තමන්ගේ නායකයින් හමුවී දුක කීය. විරෝධය පළ කළහ. ඒ අනුව 1848 ජුලි 26 කොළඹ හංවැල්ල පානදුර ආදි පෙදෙස්‌වලින් පැමිණි 5000 ක සෙනගක්‌රැස්‌වී බදු අහෝසි කරන ලෙස ඉල්ලූහ. 

මේ විරෝධතාවල පලක්‌ නොලද බැවින් පුරන්අප්පු, කරෝඅප්පු හා දිනිස්‌ යන තිදෙනාගේ මෙහෙයවීමෙන් හා සැලැස්‌මෙන් ගරිල්ලා ක්‍රමයේ සටනක්‌ සැලසුම් කළේය. එතෙක්‌ ඉංග්‍රීසින්ගේ තුවක්‌කු පතරොම් ආදි ගිනි බලයෙන් සිංහලයා පසු බැස්‌සේය. 

වාරියපොල සරුවට වැඩුණු කෝපි වතු වලට කෝපි ගබඩාවට පහර දී වතුකාරයින් පලවා හැර සියතට පත් කොට ගත්හ.

ඉන් නොනැවතිනි. මහනුවරින් පිටත් වූ සේනාංක දෙකක පිරිස මාතලේට පැමිණ වාරියපොල වත්තේ සටන් ඇරඹිය. මූලිකත්වය ගත්තේ කැප්ටන් ලිලී සහ කැප්ටන් වොට්‌සන්ය. 

ඒ අතීතය ස්‌මරණය කරන්නට වාරියපොල ඉහළ කොටස දැනුදුද අවකාශ සපයයි. පේන නොපෙනන භූමිය පුරා සැරිසරන ගුප්ත බව අන්ධකාරය වසර 166 ක අතීතය මතකයට කැඳවයි. 

එහෙත් මෙහි වෙසෙන, මේ පොළොව සාරය ලබන ජනයා මේ පොළොවේ අරුත නොදනි. 

අරුත දනවන්නට ඇප කැප වන්නෝද නැත්තා සේය. 

ඉදින් එදා ආසියාවේ නිල්ල ගැසු කෝපිවත්ත තවත් වසර කිහිපයකින් මිනිස්‌ මතකයෙන් ඈතට නික්‌ම ඡායාවක හෝ නොරැඳුනහොත් එහි අභාග්‍යය ඉතිහාසයටද? වර්තමානයටද? අනාගතයටද? නොදනිමි. 

මුතුමාලි මුතුබණ්‌ඩාර
http://www.divaina.com/2014/07/27/feature03.html

70% සිටින සිංහල ජාතිය තව අවුරුදු 40 කින් 40% බවට පත් වෙනවා - මැදගොඩ අභයතිස්‌ස හිමි

පොළොන්නරුව මැදිරිගිරිය දෙහිඅත්තකණ්‌ඩිය ජනතාව වස විෂ ආහාරයට ගෙන විශාල ලෙස වකුගඩු රෝග වලින් මියයනවා. එම රෝගයෙන් සිංහල ජාතිය වඳවෙනවා. අප කන ආහාරවලින් මේ විදියට ජනතාව මියයන්න ගියොත් 70% සිටින සිංහල ජාතිය තව අවුරුදු 40 කින් 40% බවට පත් වෙනවා. රටේ අනාගතය සකස්‌ කිරීමට නම් දරුවන් පහක්‌ හයක්‌ ඉන්න අම්මලා මේ රටේ ඉන්න ඕන.

රටම කම්පාවට පත්වූ 23 දෙනකු ගමන් ගත් අත්ට්‍රැක්‌ටරය අප්‍රේල් 17 වන දින ඉසෙඩ් ඇලට වැටීමෙන් මියගිය දස දෙනාගේ තෙමස්‌ පූර්ණ පිංකම් දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුරදී පසුගිය 17 වැනි දින රාත්‍රියේ පැවති අවස්‌ථාවේ පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ පරිවේනාධිපති දර්ශනපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ අනුශාසනාවක්‌ කරමින් එසේ පැවසූහ.

මැදගොඩ අභයතිස්‌ස හිමියෝ මෙසේද පැවසූහ. මෙම ෙ€දවාචකය නිසා මුළු රටම කම්පා වුණා. මරණ පිළිබඳ මෙනෙහි කිරීමෙන් ජීවිතය සදාකාලික නොමැති බව අප තේරුම් ගන්න ඕන. ජීවිතය සදාකාලිකයි කියා සමහර අය ජීවත්වෙනවා. බුදුදහම අනුව හැමදෙනාටම මරණය නියත බව අප තේරුම් ගත යුතුයි. ර-ජුමාලා, පටාචාරා, කිසා ගෝතමී යන බෞද්ධ කතා ආදර්ශයට ගෙන විපත සැපතක්‌ කර ගන්නේ කොහොමද කියලා බෞද්ධ අපි කල්පනා කළ යුතුයි. මෙවැනි ෙ€දවාචක තත්ත්වයන් දරා ගැනීමට අමාරු වුවත් බෞද්ධ දර්ශනය කියවන විට අපට හිත හදාගන්න පුළුවන් වෙනවා.

මේ සමාජයේ හැම තැනකම වෛරය, ක්‍රෝධය ඉස්‌මතුවෙලා තියෙනවා. බෞද්ධ දර්ශනයට අනුව සංවරව ප්‍රශ්න විස¹ ගැනීම සිදුවන්නේ නැහැ. කට ප්‍රවේසම් කර ගන්නේ නැති වුණාම ගෙදර දොර පවුල්වල රණ්‌ඩු සරුවල් ඇතිවෙනවා. සිල් අරගන්නා සිල්වතුන් තුළ පවා මනස සංවර්ධනය සිදුවෙලා නැහැ. මානසික සංවර්ධනය තුළ ශීලවන්තකම හැම දෙනාගේම සිත්තුළ තියෙන්න ඕන.

බෞද්ධ වුවත් දුශ්චරිතවලට ඇතැම් අය කොටුවෙලා ඉන්නවා. ග්‍රාමීය බෞද්ධයන්ගේ පවුල් ජීවිතය හොඳටම පිරිහිලා ගිහිල්ලා තියෙනවා. ලැ-ජා බය කියන එක අමතක කරලා. සමහරු හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න ලේසියි කියා හිතනවා. බොරුවෙන් කවදාවත් ජීවිතය ජයගන්න බැහැ. ජීවිතය වෙනුවෙන් ආකල්ප වෙනස්‌ කරගෙන ධර්ම චර්යාව විශ්වාස කරගෙන ජීවත්වීම තුළින් සතුටුදායක වාසනාවන්ත ජීවිතයක්‌ අපට ලබා ගන්න පුළුවන්. නරක දේවලින් ලබා ගත්ත දේවල්වලින් හරිම ලේසියෙන් සතුටු වෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් විඳවන කොට හරිම භයානක විදියට විඳවන්න සිදුවෙනවා. රටම හොරකන් කරන චෝර හොරු බවට පත්වෙනවා. තාවකාලික සතුටක්‌ ලබනකොට ඔවුන්ගේ පවුල් ජීවිත එහෙම් පිටින්ම විනාශ කර ගන්නවා. ප්‍රාණඝාත නොකරන කෙනා පරිත්‍යාග වෙන්න ඕන. අද රටේ ලොකුම බොරුව කියන කෙනාට ඕනෑම දෙයක්‌ කරන්න පුළුවන්. ඒ අතර චුට්‌ටක්‌ බොරු කියන අයත් ඉන්නවා. නමුත් බොරු කියන්න පුළුවන්. ජීවිතය ජයගන්න බැහැ. එම අයගේ ජීවිතය නිතරම හිස්‌ බවින් පෙළෙනවා. ඉරිසියාව, වෛරයෙන්, ක්‍රෝධයෙන් සමාජය වෙන් කරන එක මහා පාපයක්‌.

සිංහල පවුල්වල සමහර අය රාත්‍රි හොඳටම බීගත්ත පිරිමින් බවට පත්වෙලා සිටිනවා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්‌. මුස්‌ලිම් අය සිංහල අයට වඩා සිල්වන්ත අය සිටිනවා. ඒ අය රා අරක්‌කුවලින් ඈත් වෙලා සිටින බවත් මේවා අඩු කරගන්නේ නැති වුණොත් සිංහල ජාතියට මහා විනාශයක්‌ සිදුවෙනවා.

සමහර නිලධාරීන්ගේ ජීවිතයම අල්ලස්‌ බවට පත්වෙලා ඉවරයි. නරකින් ගන්නා අල්ලස මගින් ජීවිතයම භයානක විදියට විඳවන අය සමාජයේ දකින්නට සිටිනවා. හොඳට ඇඳුම් ඇඳගෙන සිටියත් හොරකම වංචාව තිබෙනවා යෑයි උන්වහන්සේ පැවසූහ.

විඡේපුර විහාරාධිපති තෙල්දෙණියේ ගුණසිරි හිමි, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් බන්දුල අබේසේකර මහතා ඇතුළු විඡේපුර ගම්වාසීන් හා ඥාතීන් විසින් මෙම තෙමස්‌ පූර්ණ පිංකම් සංවිධානය කර තිබුණි.

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග 
http://www.divaina.com/2014/07/26/provin03.html

Pic Source

ස්‌කොට්‌ලන්තයේ පොදු රාජ්‍ය මණ්‌ඩල තරගාවලියේ ග්ලාස්‌ගෝ ක්‍රීඩක ගම්මානයේ පැතිරෙන බොදු සුවඳ

ජාතීන් 71 ක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 ක්‌ සහභාගීවන දැවැන්ත ග්ලාස්‌ගෝ පොදු රාජ්‍ය මණ්‌ඩල තරගාවලියේදී ථෙරවාදී බෞද්ධ ආගමටද විශේෂ අවස්‌ථාවක්‌ හිමිවුණි. ඒ අනුව ක්‍රීඩක ගම්මානයේ බෞද්ධ මන්දිරයක්‌ ඉදිවිය. බුදුපිළිමයක්‌ තැන්පත් කෙරිණි. මල් අසුනක්‌ පිළියෙල කෙරිණි. භාවනා ආසන සූදානම් කෙරිණි. නමුත් පහන් හෝ හඳුන්කූරු වෙනුවෙන් අවසරයක්‌ නොවීය. ඒ ස්‌කොට්‌ලන්ත වැසියෝ වූ කලී ගිනි අවදානම ගැන මහත් අවධානයක්‌ සහිත මිනිස්‌ කොට්‌ඨාසක්‌ බැවිනි. නමුත් උන්වහන්සේගේ සංඝ තේජස ඉදිරියේ කිසිදා නොදෙන අවසරයක්‌ ලබාදීමට ස්‌කොට්‌ලන්ත තරග සංවිධායකයන්ට සිදුවිය. ස්‌කොට්‌ලන්තයේ සුවිශේෂී බෞද්ධ ලකුණ බවට පත්ව ඇති උන්වහන්සේ නමින් කඹුරාවල රේවත වන්නාහ. 20 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ බෞද්ධ ආගමික උපදේශකවරයා වන උන්වහන්සේ එහි පිහිටුවා ඇති බෞද්ධ මන්දිරය භාරව කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ, කළුතර දිස්‌ත්‍රික්‌කයේ බදුරලිය නගරය අසල කඹුරාවල නම් ගමෙහි උපත ලබා සසුනට දායාද වී බෙල්ලන පිරිවෙනෙන් අධ්‍යාපනය හදාරා උසස්‌ පෙළින් ලංකාවේ ඉහළින්ම සමත්ව ග්ලාස්‌ගෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක්‌ ලබා මෙයට වසර 12 කට පෙර ස්‌කොට්‌ලන්තයට වැඩම කළ කඹුරාවල රේවත හිමියෝ ඉන් නොනැවතී ස්‌කොට්‌ලන්තයේ විශාලතම සහ වැඩිම ජනඝණත්වයක්‌ සහිත නරගය වන ග්ලාස්‌ගෝහී පළමු ථෙරවාදී බෞද්ධ විහාරස්‌ථානය පිහිටුවූහ.

බෞද්ධ දර්ශනයේ හරය සුද්දාට හිමිකරදීම පිණිස වඩාත් ප්‍රායෝගික වූ උන්වහන්සේ බටහිර දර්ශනයේ චිත්ත ස්‌වභාවයන් පිළිබඳ හැදෑරූහ. මානසික ආතතිය දුරු කරගැනීම සහ චිත්ත ඒකාග්‍රතාව පවත්වාගැනීම නමැති සුද්දා සොයන, සුද්දාට රස දැනෙන ශබ්ද කෝෂයක්‌ හරහා උන්වහන්සේ ඉතා උපක්‍රමශීලීව සතිපට්‌ඨාන භාවනාවට ග්ලාස්‌ගෝ වැසියන් යොමුකළහ. ප්‍රතිඵල අති සාර්ථක විය. ග්ලාස්‌ගෝ නරගයේ මෙන්ම ස්‌කොට්‌ලන්ත පළමු අමාත්‍යවරයාගේ නිවස දක්‌වා උන්වහන්සේ පිළිබඳ යශෝරාවය පැතිරෙන්නට විය.

සුනාමි ව්‍යසනය අවස්‌ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ග්ලාස්‌ගෝ සහෝදරත්වයේ පාලම බවට පත්වන උන්වහන්සේ මෙහි වැඩ සිටියද ශ්‍රී ලංකාව වෙනුවෙන් නොපිරිහෙලා යුතුකම් ඉටුකළා පමණක්‌ නොව, අදටද ශ්‍රී ලංකාවේ බැරි අසරණ මිනිසුන් වෙනුවෙන් සමාජ සත්කාරයන්හි යෙදෙති.

එදා 2007දී මෙම පොදු රාජ්‍ය මණ්‌ඩල සත්කාරකත්වය දිනාගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල මහ සභාවට පැමිණි ස්‌කොට්‌ලන්ත දූත පිරිස අතරට එක්‌වීමට උන්වහන්සේටද ආරාධනා ලැබෙන්නේ ඒ ගෞරවය සහ පිළිගැනීම මතිනි.

ඒ සත්කාරකත්වය දිනාගන්නා සටනේ පටන් උන්වහන්සේගේ අනුශාසනාව මේ සංවිධානයට මහත් අගයක්‌ විය. කඹුරාවල රේවත හිමියන් පොදු රාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩක ගම්මානයේ බෞද්ධ ආගමික උපදේශකවරයා බවට පත්වන්නේද, කිසිවකුට නොදෙන අවසරයක්‌ පවා ලබමින් පහන් සුවඳකූරු දැල්විය හැකි බෞද්ධ මන්දිරයක්‌ ඉදිවන්නේද ඒ අනුහසිනි.

ඒ බෞද්ධ මන්දිරයේ එකවර කිහිපදෙනකුටම භවනාවෙහි යෙදීම පිණිස පහසුකම් ඇත්තේය. සිංහලෙන් සහ ඉංගී්‍රසියෙන් යන දෙකෙන්ම බෞද්ධ පොතපත තබා ඇත්තේය. මෙහිදී සිංහල පොත් තැබුවේ අන් කිසිවකුට නොව මේ උළෙලට සහභාගීවන ගණනින් 150 ඉක්‌මවා යන ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් වෙනුවෙනි. 

ශ්‍රී ලංකාවෙන් මෙම ක්‍රීඩා උළෙලට පැමිණි ඇත්තන්ට මෙය අංග සම්පූර්ණ පන්සලක්‌ම වන්නේය. එය ඔවුන්ගේ මානසිකත්වය පවත්වාගැනීමට මහඟු අවස්‌ථාවක්‌ වන්නේය. ක්‍රීඩක ගම්මානයේ තමන්ගේa නවාතැනේ සිට විනාඩි 5 ක ගමනකින් මෙහි ළඟාවිය හැක. ඔවුන් භෝජනාගාරයට යෑවෙන තුන්වේලම යා යුත්තේ මෙම 'පන්සල' පසුකරමිනි. ඒ හැම විටෙකම මෙයට ගොඩවී බුදු පිළිමවහන්සේ ඉදිරියේ මඳ වේලාවක්‌ නිසොල්මන්ව, තරග පීඩනයෙන් මිදී සැහැල්ලුවීමේ අවස්‌ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇත්තේය. රේවත හිමියෝ ඔවුන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවන් විලසින්ම සමීපව උපදෙස්‌ අනුශාසනා දෙන පෙනුමෙන් මෙන්ම හදවතින්මද පුණ්‍ය නිධානයකි. ගිම්හාන උණුසුම මෙන්ම මේ ආගමික පසුබිමද ඔවුනට අමුත්තක්‌ නොමැතිව ග්ලාස්‌ගෝ අභියෝගයට කයත් මනසත් සූදානම් කරගැනීමේ අවස්‌ථාවක්‌ සලසා තිබේ.

පසුගියදා අහම්බයෙන් මෙන් මෙහි භාවනා අත්දැකීමක්‌ විඳීමට පැමිණි (මෙම උළෙලේ ක්‍රීඩා දක්‍ෂතා අතර යෝධයා වන) ඔස්‌ටේ්‍රලියානු පිළේ සාමාජිකයෙක්‌ හට එය කෙතරම් මානසික සහනයක්‌වීද යත්, ඔහු පසුගියදා තමන්ගේ හිතවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු රැගෙන නැවත පැමිණියේය. මේ වන විට දිනපතාම කාලසටහනක්‌ අනුව කෙටි භාවනා වැඩසටහන් හෙවත් මානසික අභ්‍යාස පවත්වන මෙන් රේවත හිමියන්ට ක්‍රීඩා ගම්මානයෙන් ඉල්ලීම් යොමුව තිබේ. 

පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ වෛද්‍ය ක්‍රිස්‌ නෝනිස්‌ මහතා, ශ්‍රී ලංකා කණ්‌ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම 'පන්සල' විවෘත වී සුළු මොහොතකින් බර ඉසිලීමේ කණ්‌ඩායමේ පුහුණුකරු ආර්.එම්. වික්‍රමසිංහ මහතා රේවත හිමියන්ගෙන් ඉල්ලීමක්‌ කළේය. ඒ තම කණ්‌ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් සෙත් පිරිත් ආශිර්වාදයක්‌ කරන මෙනි. උන්වහන්සේ බොහොම සතුටින් එය ඉටුකර දුන්හ. පසුව වික්‍රමසිංහ මහතා හෙවත් 'විකී' නැවතත් ඒ අවස්‌ථාව මහහැරුණු සිය ගෝලයන් කිහිප දෙනෙකු සමග පන්සලට පැමිණියේය. විකී ක්‍රීඩක ගම්මානයේ පන්සලින් නොමඳ ප්‍රයෝජන ගත්තේය.

බර උසුලන කණ්‌ඩායම කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මෙහි පැමිණි සියගණනක්‌ දෙනා අතර සිටින අනෙක්‌ කී දෙනෙක්‌ මෙයින් ප්‍රයෝජන ලබත්දැයි අපි නොදනිමු. නමුත් තමන්ගේ සංස්‌කෘතිය හඳුනන උපදේශනයක්‌ යටතේ තමන්ගේ ආගමට සම්බන්ධව තමන් තුළ ජයග්‍රාහී මානසික ස්‌ථාවරයක්‌ ගෙඩනගා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ලැබී ඇති මෙම අවස්‌ථාව 'පිනක්‌මය' කියනු හැර වෙන කුමක්‌ කියන්නද..?

http://www.divaina.com/2014/07/26/sports02.html

තුන් බියකින් පෙළෙන බෞද්ධයා

අපේ මව්බිම දෙකඩ කොට උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමේ ත්‍රස්‌තවාදී හටන මැඬලීමට හැකිවීම ජාතියේ වාසනාවකි. නමුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි ව්‍යවස්‌ථාව යටතේ උතුරේ පෙඩරල් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා ගෙන යන මතවාදී හටන තවම නිමා වී නොමැත. සිරිල් රම්පෝසාගේ පැමිණීම හා දෙමළ ජාතික සංධානය ඔහුගේ මැදිහත්වීමෙන් රජය සමඟ සාකච්ඡාවකට සූදානම් වීම යනු ඊළාම්වාදය නමැති මළ මිනියට නැවත පණ දීමට දරන වෑයමක්‌ සේ අපට පෙනේ.

වත්මන් රජය ඊළාම් කොටි ත්‍රස්‌තවාදය තුරන් කිරීමත්, චීනය සමඟ දැඩි සබඳතා පැවැත්වීමත් හේතුවෙන් බටහිර රටවල් දැඩි අපේක්‍ෂා භංගත්වයකට පත්ව සිටී. ඇමරිකා එක්‌සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ අරමුණ ආසියානු කලාපීය දේශපාලනය සමඟ බැඳුනකි. චීනය අනාගතයේ ලෝක බලවතකු වීම වැළැක්‌වීම ඒ රටවල ප්‍රධාන ඉලක්‌කයයි. ආසියාවේ බල ව්‍යාප්තිය පදනම් කරගත් ඒ රටවල සැලසුම්, මහින්ද රාජපක්‍ෂ රජය නිසා අඩාල විණි. අපේ මවුබිමට විරුද්ධ මැදිහත්වීම්වල හා රාජපක්‍ෂ පාලනයෙන් පලි ගැනීමේ ක්‍රියාදාමයට පසුබිම් වන්නේ එයින් ඇතිවුණ වෛරයයි. ත්‍රස්‌තවාදය මැඬලීමේ සන්නද්ධ ක්‍රියාදාමය වෙනුවට නෝර්වේ හරහා දියත් වූ ඊනියා සාම ව්‍යාපෘතිවලට රාජපක්‍ෂ රජය අවනත වූවා නම් බටහිර බලවතුන්ගෙන් අද එල්ල වන විරෝධය මතු නොවේ. එසේ නම් සිදුවන්නේ උතුරේ ක්‍රිස්‌තියානි ඊළමක්‌ සහ දකුණේ බටහිර ගැති පාලනයක්‌ ඇති වීමයි. එය අනිවාර්යයෙන් ම දකුණු ආසියාවේ බටහිර හිතවාදී බල කඳවුරක්‌ වීම වැළැක්‌විය නොහැක. ඇමරිකා එක්‌සත් ජනපදය, දකුණු කොරියාව බෙදීමෙන් සිදු කළේ එවැන්නකි. වියට්‌නාමයේ දී එය අසාර්ථක විය. මුස්‌ලිම්වරුන්ට එරෙහිව ඊශ්‍රායලය බිහි කළේය.

ඇමරිකා එක්‌සත් ජනපදය විසින් ජිනීවා මානව හිමිකම් කමිටුව, ඩොලර්වලට කුලියට ගත් රාජ්‍ය නොවන සංවිධාන හා ආණ්‌ඩු විරෝධී දේශපාලකයන් යොදා ගෙන දැනට දියත් කෙරෙන්නේ රාජපක්‍ෂ පාලනය බිඳ දැමීමේ සැලැස්‌මකි. එහි අවසාන ඉලක්‌කය දෙමළ ඩයස්‌පෝරාවේ අරමුණු ඉටුකර දීමයි. ඒ අනුව අපේ රට දෙකඩ වූවොත්, වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ සිංහලයන් රැකගත් සංස්‌කෘතිsක උරුමය සහ භූමි අයිතිය අහිමිවීම වැළැක්‌විය නොහැකිය. අනාගත සිංහල දරුවන්ට අත්වන්නේ ෙ€දජනක ඉරණමකි. ඇමරිකානු ආණ්‌ඩුව ඊනියා සාමයේ නාමයෙන් මුස්‌ලිම් රටවල ඇතිකළ අවුල් නිසා නිමාවක්‌ නොමැති ගැටුම්වලින් අදත් දහස්‌ ගණනක්‌ මිනිස්‌සු මරණයටත් ලක්‍ෂ ගණනක්‌ දුක්‌ පීඩාවලටත් ගොදුරු වෙති. කිසිදු රටක අවංක සාමයක්‌ උදා වී නොමැත. සිංහලයන් බෙදුම්වාදයට බියවන්නේ එබැවිනි. තමන්ගේ මව්බිම අහිමිවේයිදොa යන භීතිකාවෙන් බොහෝ සිංහලයෝ පීඩාවට පත්ව සිටිති.

ආණ්‌ඩු විරෝධී ඇතැම් දේශපාලකයෝ රාජපක්‍ෂවරුන් හුදෙකලා කොට, විදේශීය බලවේගයන්ගේ උදව්වෙන් පාලන බලය අත්කර ගැනීමට සිහින දකිති. ආසියානු කලාපීය භූ දේශපාලනය හා බැඳුණු ක්‍රියාදාමය තුළ රාජපක්‍ෂ පාලනය නෙරපා දමා තමන්ට යහතින් වැජඹෙන්නට හැකි වේ යෑයි යමකු සිතනවා නම්, එය මෝඩකමක්‌ බව අපේ වැටහීමයි. බටහිර රටවල මැදිහත් වීමෙන් කිසියම් රටක පාලනය බිඳ දැමූ පසු බලයෙහි පිහිටුවන තැනැත්තා ඒ රටවලට ගැති රූකඩයකු විම අනිවාර්ය නියමයකි. එසේ නොවුණොත් ඔහුගේ විනාශය සිදුවෙයි. ලෝක බල ව්‍යාප්තියේ නිරත රටවල් හැසිරෙන්නේ තමන්ගේ න්‍යාය පත්‍රයකට අනුවයි. රුසියාවට එරෙහිව බින්ලාඩන් තැනූ ඇමරිකාව විසින්ම අවසානයේ ඔහු ඝාතනය කරන ලදී. ආණ්‌ඩුවට විරුද්ධව නොයෙකුත් චෝදනා විදේශීය බලවතුන්ට ඉදිරිපත් කරමින් ඔවුන්ගේ පිහිටෙන් අපේ රටේ පාලන බලය ලබා ගන්නට යමකු සිතනවා නම් එය කරන්නට සිදුවන්නේ රට, ජාතිය පමණක්‌ නොව තම ජීවිතය ද පාවා දෙමිනි.

රාජපක්‍ෂ පාලනයේ ද අභ්‍යන්තර දුබලකම් රාශියකි. දේශපාලන හිතවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම, දූෂිතයන්ට රජයේ සමහර තනතුරු දීම, වංචා දූෂණ ආදිය ඒ අතර කීපයකි. එම වැරදි නැතිකර ගැනීමට සූදානම් නොවී විහින් නැහෙන මඟකට ආණ්‌ඩුව පිවිස ඇති බව පෙනේ. නමුත් රාජපක්‍ෂ පාලනය නැති කිරීමට උදව් ගන්නට සිතා විදේශීය අතපෙවීම්වලට ඉඩ සැලසීම මවුබිමේ ස්‌වාධීනත්වයට හානියකි. එයින් ඉටුවන්නේ අප බලාපොරොත්තු වන දේවල් නොව ඒ රටවල අරමුණුයි. අපේ මවුබිමට එරෙහි රටවල් බුද්ධාගමට, අපේ සංස්‌කෘතියට, රටේ ආර්ථික හා දේශපාලන ස්‌ථාවර භාවයට කැමැති නැත. එවැනි රටවල් හවුල් කරගෙන රජය පෙරළන්නට සිතන දේශපාලකයන් හා රාජ්‍ය නොවන සංවිධාන පිටුදැකිය යුතුය. සිංහලයන් බියට පත්ව සිටින දෙවැනි කාරණය පසුගිය කාලය පුරා ම සමාජයේ කතිකාවට ලක්‌විය. ඒ සිංහල ජාතියේ පැවැත්ම හා අනාරක්‍ෂිත භාවයයි. සිංහලයන්ට තිබෙන්නේ ජනගහනය අඩුවීම හා අනාරක්‍ෂිත වීම පිළිබඳව සහේතුක බයකි. උප්පත්ති පාලන ව්‍යාපෘතියෙන් සිංහල ජනයාගේ වර්ධනයට අහිතකර බලපෑමක්‌ සිදු වී ඇත. ජන සංඛ්‍යා ලේඛනවලින් එය පැහැදිලි වෙයි. වකුගඩු රෝගය ද සිංහලයන්ගේ පැවැත්මට බරපතළ තර්ජනයකි. එවැනි රෝගියකු සිටින පවුල දුක්‌ත තත්ත්වයට ඇද වැටෙයි. සමාජ හේතු මත සිංහල තරුණ පිරිසගේ විවාහ වයස ප්‍රමාදවීම ද එයට බලපා ඇත. ඒ අතර සුළු ජන කොටස්‌ ශීඝ්‍රයෙන් වැඩිවීම, ඉඩකඩම් දේපළ සිංහලයන්ගෙන් ගිලිහීම. වෘත්තීය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අයිතිවාසිකම් උපක්‍රමශීලීව සිංහල ජනතාවට අහිමි කිරීම වැනි කාරණා නිසා ජාතිය විනාශවීමේ භීතියෙන් සිංහලයෝ වෙළී සිටිති.

සමහර අන්තවාදී කණ්‌ඩායම් විසින් සිදු කෙරෙන ආගම් මාරුව, ආගමික සංහිඳියාව, පළුඳුවීම හා ඇතැම් බෞද්ධයන්ගේ ද නොහික්‌මුණු හැසිරීම් නිසා බුද්ධ ශාසනයට, සංස්‌කෘතියට හා ජාතික අනන්‍යතාවට සිදුවන හානිය ගැන සිංහලයන් සිටින්නේ බලවත් භීතියකිනි. සිංහල ජාතිය හා බුද්ධාගම ර¹පවතින්නේ අෙන්‍යාaන්‍ය බැඳීම මත ය යනු සමාජයට කාවැදුණු අදහසකි. අන්තවාදී සංවිධාන මගින් ආගම් මාරුවට පෙළඹවීම ජාතික පිළිලයකි.

වර්තමාන ලෝකය පුරා ඉස්‌ලාම් මූලධර්මවාදී සංවිධාන රාශියක්‌ ක්‍රියාත්මක වෙයි. මුළු ලොව ම ඉස්‌ලාම් ෂාරියා නීතිය යටතට ගෙන ඒම ඔවුන්ගේ අභිප්‍රාය යි. මේ අතර ඇමෙරිකා එක්‌සත් ජනපදය ප්‍රධාන යුරෝපීය ක්‍රිස්‌තියානි රටවල් තම සංස්‌කෘතිය පදනම් කරගත් ලෝකයක්‌ බිහිකිරීමේ උන්මාදයෙන් පෙළෙයි. මුස්‌ලිම් රටවල නැඟී සිටීම වැළැක්‌වීමට ක්‍රිස්‌තියානි රටවල් ඒකාබද්ධව පහර දෙයි. පාලකයන් ඝාතනය කර පලවා හැරීම සිදුකොට රටවල් අවුල් කරයි. ලොවෙහි ඉස්‌ලාම් අන්තවාදයක්‌ තිබෙන නිසා මුස්‌ලිම් රටවල ප්‍රශ්නවලට එක්‌සත් ජනපදයේ මැදිහත්වීම සාධාරණීකරණයට පසුබිමක්‌ සැකසී ඇත.

සමස්‌තයක්‌ වශයෙන් අපේ රටේ මුස්‌ලිම් හා සිංහල ජනයා අදත් ජීවත් වන්නේ සුහදත්වයෙනි. ලෝකයේ පැතිරෙමින් පවතින ඉස්‌ලාම් අන්තවාදය මෑතක සිට අපේ රට තුළ ද ක්‍රියාත්මක වෙයි. මුස්‌ලිම්වරුන් වෙනම ජාතියක්‌ ලෙස පෙනී සිටීමේ වුවමනාව මෑතක සිට වර්ධනය වුණේ ඒ හේතුවෙනි. ශ්‍රී ලංකා පකිස්‌තාන් ක්‍රිකට්‌ තරගයේදී ඔවුන් ඔල්වරසන් දෙන්නේ පකිස්‌තාන කණ්‌ඩායමටයි. මෙතෙක්‌ නොපැවැති හලාල් සලකුණ වෙළෙඳපොළට පැමිණියේ අන්තවාදය හේතුවෙනි. රවුල වවා තඹ පැහැ ගන්වා හිස්‌ වැසුම් පැළඳ ගත් මුස්‌ලිම් පිරිමිද, කළු ලෝගුවලින් මුහුණ වසාගත් කතුන් ද අපේ රටේ දකින්නට ලැබෙන්නේ ඉතා මෑතක පටන් ය. ඔවුන්ට ඒ සඳහා ඇති මිනිස්‌ අයිතිය හා නිදහස සිංහලයෝ පිළිගනිති. නමුත් මුස්‌ලිම්වරුන් වෙනම පිරිසක්‌ ලෙස සමාජය තුළ ඉස්‌මතු වීමට දරන ක්‍රියා කලාපය නිසා සිංහලයන් තුළ හටගෙන තිබෙන්නේ භීතිකාවකි.

මුස්‌ලිම් ජනතාවගෙන් බහුතරය සාමකාමී ය. අන්තවාදී ලෙස ක්‍රියා කරන්නේ සුළු කණ්‌ඩායම් කීපයකි. බුදු දහමට නින්දා කරමින් දේශන පවත්වන පිරිසක්‌ ද ඒ අතර සිටිති. අන්තර්ජාලය ද ඒ සඳහා යොදා ගැනෙයි. සංචාරක වීසා යටතේ පැමිණෙන මුස්‌ලිම්වරුන් සරණාගතයන් ලෙස අපේ රටේ පදිංචි කරවීමේ සැලැස්‌මක්‌ ද තිබේ. මැද පෙරදිග සේවයට යන අය මෙන්ම දැනට ඒ රටවල සේවය කරන බෞද්ධයන් ඉස්‌ලාම් ආගමට හැරවීම කලක සිට සිදුවෙයි. ඔවුන්ට බෙදාදීම සඳහා බුද්ධාගම හෙළාදකින මුද්‍රිත පොත් තොගයක්‌ රැගෙන ගිය කාන්තාවක්‌ බෞද්ධ සංවිධානවල පැමිණිල්ලක්‌ මත අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. මුස්‌ලිම් කාන්තා වෛද්‍යවරුන් හා හෙදියන්, කළු ලෝගුවලින් මුහුණු ආවරණය කරගෙන රෝහල් සේවයෙහි යෙදීමට සූදානම් වන බවක්‌ ද දැන ගන්නට ඇත. මානව අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සැමට තිබෙන බව ඇත්තකි. එය භාවිත කළ යුත්තේ සමාජයට හානියක්‌ නොවන අයුරිනි. අමිර්තලිංගම් ඇතුළු දෙමළ දේශපාලකයන්ගේ ජීවිත වැනසුණේ ත්‍රස්‌තවාදීන් අතිනි. මුස්‌ලිම් අන්තවාදයට සුදු හුණු ගාන දේශපාලකයන් කවුරුත් එය පාඩමකට ගත යුතුය. යාච්C¹වේ යෙදුණ මුස්‌ලිම් ජනතාව මරා දැමූ, ඔවුන් අවතැන් කළ ත්‍රස්‌තවාදීන්ගේ අවතාරයක්‌ වන ද්‍රවිඩ ජාතික සංධානය පසුපස යන අවස්‌ථාවාදී සමහර මුස්‌ලිම් දේශපාලකයෝ සාමකාමී මුස්‌ලිම් ජනතාව විනාශකාරී මාවතක රැගෙන යති. එවැනි අන්තවාදීන්ට නොරැවටී සියලු රටවැසියන් සමඟ සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වෙමු යනු සහෝදර මුස්‌ලිම් ජනතාවට අපෙන් කෙරෙන කාරුණික ආයාචනයයි

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
http://www.divaina.com/2014/07/26/feature02.html

Pic Source